Dumeril's Kukri Snake/පුල්ලි දත්කැටියා (Oligodon sublineatus-Duméril, Bibron & Duméril, 1854)

Other Names- වෙනත් නම්
Sinhala Tamil

Oligodon sublineatum DUMÉRIL, BIBRON & DUMÉRIL 1854: 57
Oligodon sublineatus — JAN 1876: 48
Oligodon sublineatus — WALL 1921: 248
Oligodon sublineatus — SMITH 1943: 227
Oligodon sublineatus — DAS 1996: 58
Oligodon sublineatus — KARUNARATHNA & AMARASINGHE 2011
Oligodon sublineatus — WALLACH et al. 2014: 503



ශ්‍රී ලංකාවට ආවේනික දත්කැටියන් විශේෂ 2 අතරින් එක් විශේෂයක් වන්නේ පුල්ලි දත්කැටියායි. ශ්‍රී ලංකාව පුරා මුහුදු මට්ටමේ සිට 10m -1600m දක්වා ව්‍යාප්තවී සිටින මෙම සර්ප විශේෂය නිර්විෂ ඛාණ්ඩයට අයත්වේ. නිශාචර සර්පයෙකු වුවද දහවල් කාලයේද ඇතැම් විට හමුවේ. ශරීරය අළු පැහැයට හුරු දුඹුරු පැහැයක් හෝ කහ මිශ්‍ර දුඹුරු පැහැයක් ගන්නා අතර තද දුඹුරු පැහැති දිගු පුල්ලි පෘෂ්ඨීයව අක්‍රමවත් අයුරින් තැනින් තැන පිහිටා ඇත. අනෙක් දත්කැටි විශේෂ මෙන් පුල්ලි දත්කැටියාගේත් හිසෙහි පෘෂ්ඨීයව ඇස් දෙක යා කෙරෙන හිසේ ඉදිරිපස දෙසට නැමුණු රේකාවක් පිහිටා ඇත. මෙම ලක්ෂණ මෙම සර්ප විශේෂය හඳුනාගැනීමට උපකාරී වේ. පුල්ලි දත්කැටියන් ප්‍රජනනයේදී අන්ඩජතාවය දක්වයි. වරකට බිත්තර 3ත් 5ත් අතර සංක්‍යාවක් දමන අතර අලුත උපන් කුඩා පැටවුන් දිගින් 5cmක් තරම්ද වැඩුනු සතෙකු 30cm -35cm ක් තරම් දිගකින් යුක්ත වේ. 

තමාට තර්ජනයක් දැනුන විගස දඟරයක් ගැසී හිස ඒ තුල සඟවාගනී. සතුරන්ගෙන් බේරීමට ව්‍යාජ මරණයක් රඟපාන (Thanatosis / Death Mimicry) අවස්ථාද වාර්තා වී ඇත. මොවුන්ගේ ප්‍රධාන අහාර ලෙස කුඩා කටුස්සන් ,සිකනලුන් , හූනන් ,මකුළුවන් , කුඩා ගෙම්බන් , කුරුමිණි පිළවුන් ගොදුරු කරගන්නා අතර අනෙක් කුඩා සර්ප බිත්තර ආහාරයට ගත් අවස්ථාද වාර්තා වේ. විශේෂ කරුණක් වන්නේ මෙම සර්ප විශේෂය කොරළ වින්‍යාසයෙන් ලිංගික ද්වීරූපිතාව පෙන්වන සර්ප විශේෂයක් වීමයි. මොවුන්ගේ ප්‍රධාන විලෝපිකයින් වන්නේ මිනිසා, කුරුල්ලන් , කරවලුන් වැනි විශේෂයෙන් සර්පයින් ගොදුරු කරගන්නා අනෙක් සර්පයන් හා විශාල මැඩියන්ය. IUCN රතු දත්ත වාර්තාවේ මෙම සර්ප විශේෂය Least Concern (LC) කාණ්ඩය යටතේ වර්ගීකරනය කරනු ලබයි.

පුල්ලි දත් කැටියා සම්බන්ද විශේෂ කරුණු 

1) කොරළ වින්‍යාසයෙන් ලිංගික ද්වීරූපිතාව පෙන්වන සර්ප විශේෂයක් වීම

සටහන - සංජය කණිෂ්ක




Comments