Müller's Shieldtail /තිත් තුඩුල්ලා (Rhinophis punctatus Müller, 1832)

Other Names- වෙනත් නම්
English Sinhala Tamil
Mannuli Pambu

Rhinophis punctatus MÜLLER 1832: 249
Rhinophis punctatus — DUMÉRIL & BIBRON 1854: 157
Rhinophis punctatus — BEDDOME 1886: 6
Rhinophis punctatus — BOULENGER 1893: 141
Rhinophis punctatus — WALL 1921: 33
Rhinophis punctatus — SMITH 1943: 92
Rhinophis punctatus — MCDIARMID, CAMPBELL & TOURÉ 1999: 140
Rhinophis punctatus — KARUNARATHNA & AMARASINGHE 2011
Rhinophis punctatus — WALLACH et al. 2014: 651





හැඳින්වීම : ශ්‍රී ලංකාවේ තුඩුල්ලන් බොහොමයක් තෙත් කලාපයේ හමුවන අතර වියළි ශුෂ්ක පරිසර පද්ධති වල ව්‍යාප්ත වී ඇත්තේ ඉතා සීමිත විශේෂ සංඛ්‍යාවකි. 1832 වසරේදී ජර්මානු කායික විද්‍යාඥයෙක් හා උරගවේදියෙක් වූ පීටර් මියුලර් විසින් විස්තර කරන ලද තිත් තුඩුල්ලා ඉතා අලංකාර රූප විද්‍යාවකට හිමිකම් කියන සර්පයෙකි. පසුකාලීනව හඳුන්වාදුන් දික් තුඩුල්ලා (Rhinophis porrectus) නම් විශේෂයට බොහෝ සමාන වන මෙම විශේෂය වර්තමානයේ ඇති දත්ත අනුව අවම උදරීය කොරල අගයන්ගෙන් පමණක් වෙනස් වේ.

භාහිර පෙනුම : සිලින්ඩරාකාර සිහින් ශරීරය සුමට කොරල වලින් සැදී ඇත. වැඩුන සතුන් 38cm තරම් වේ. දිවියෙන් වැඩි කලක් පාංශු වාසීව සිටින බැවින් අනෙක් සර්පයන්ගේ මෙන් භාහිරට පැහැදිළිව පෙනෙන අක්ෂි පිහිටා නොමැත. පාරගම්‍ය පටලයක් වැනි කොරළයකින් එය වැසී ඇත. පැහැදිළි ගෙලක් රහිතය. ශරීරය ප්‍රධාන වශයෙන් දුඹුරු මිශ්‍ර කළු වර්ණයක් ගනී. පෘෂ්ඨීයව ඇති කොරල පේලිය හා ඊට දෙපසින් ඇති කොරල පේලි දෙක (එනම් පෘෂ්ඨීයව ඇති කොරල පේලි තුන) ක්‍රීම් / ලා කහ / සුදු මිශ්‍ර කහ පැහැ  වන අතර ශරීරයේ පෙර දෙසට වන්නට තද පැහැයක් ගනී. මෙම ක්‍රීම් පැහැති වර්ණය ලලාට කොරලයට පිටුපසින් ආරම්භ වේ. මෙහි මධ්‍ය කොරල පෙළෙහි කළු පැහැති තිතක් මෙන් සලකුණක් බැගින් පිහිටන හෙයින් අලංකාර තිත් පෙළක් ලෙස දිස්වේ. හිස දුඹුරු පැහැයක් ගන්නා අතර සලකුණු සම්පූර්ණයෙන් නොදරයි. වල්ග පලිහ කහ පැහැති වන අතර එහි මධ්‍ය කොටස කළු අක්‍රමවත් සලකුණු දරයි. වල්ග පලිහේ කුඩා නෙරීම් වැනි සලකුණු දක්නට ඇත. උදරීය කොරල කළු පැහැති වන අතර සුදු පැහැයෙන් කොරල වල දාරයන් දිස්වේ. පෞච්ඡ උදරීය පෙදෙසේ දෙපසින් කහ පැහැති වේ. 

ස්වභාව විද්‍යාව : ගැඩවිලුන් ප්‍රධාන වශයෙන් ආහාරයට ගනී. වර්ෂාවත් සමග පොළව මතුපිටට පැමිණෙනු දැකිය හැක. ගෙවතු, කෘෂි භූමි වල ජල මුලාශ්‍රයකට ආසන්නව බුරුල් පසේ හමුවේ. කෙලාර්ට් පවසා ඇති පරිදි තුඹස් ආශ්‍රිතව හා පොළවේ සිට අඩි 2-3ක් ගඹුරින්ද හමුවී ඇත. නිසාචර සත්ව විශේෂයක් වේ. තරමක් දුර්ලභ සතෙක් හෙයින් ප්‍රජනනය පිලිබඳ තොරතුරු නොමැත. නමුත් අනෙක් තුඩුල්ලන් මෙන් අන්ඩජලාබුජ තාව මගින් මගින් පැටව් බිහිකරනවා යැයි උපකල්පණය කළ හැක. කලබල වූ විට ගුලිවී හිස සඟවා ගනී. කිසිවිටෙකට සපා කෑමට තැත් නොකරයි. මනිසා හා නිතර නොගැටුනත් පස් කැපීම , කෘෂි භූමි පිළියෙළ කිරීම් වැනි ක්‍රියාකාරකම් මෙම සතුන්ගේ පැවැත්මට ඇති තර්ජන සේ සැළකිය හැක. මේ වන විට රතු දත්ත සටහනේ දත්ත ඌණතා සහිත සර්ප විශේෂයක් (Data Deficient) ලෙස නම්කොට ඇත.

කොරල වින්‍යාසය : මධ්‍ය දේහයේ හරස් කොරල පේළි 17;  උදරීය කොරල 236-246; පෞච්ඡ උදරීය කොරල 7-9; තුන්ඩ කොරලය ඉහලට කීලකයක් සේ නෙරා ඇත 

ව්‍යාප්තිය : නිවැරදි ව්‍යාප්තිය හඳුනාගෙන නැත. වාර්ථා වී ඇති ප්‍රදේශ ලෙස හලාවත, පුත්තලම, පේරාදෙණිය හා නිල්ගල සඳහන් කල හැක. ඉදිරියේදී   

වෛද්‍ය විද්‍යාත්මක වැදගත් බව : නිර්විෂ සර්පයෙක් වේ. සපා කෑමට තැත් කරන්නේ නැත.

තිත් තුඩුල්ලා සම්බන්ද විශේෂ කරුණු 

1) මියුලර් විසින් පළමුවෙන්ම මෙම විශේෂය හඳුන්වාදීමේදී ව්‍යාප්තිය ලෙස දකුණු ඇමරිකාවේ එවකට ගුයානාව (The Guianas) ලෙස හැඳින්වූ ප්‍රදේශය සඳහන් කර ඇත. නමුත් පසුව 1861දී පීටර්ස් විසින් එය ශ්‍රී ලංකාව ලෙස නිවැරදි කරන ලදී. 

2) තිත් තුඩුල්ලාගේ නිවැරදි ව්‍යාප්තිය අද වන විටත් ගැටලුකාරී වන අතර කරුණාරත්න සහ අමරසිංහ 2011 දී නිල්ගල වන ප්‍රදේශයෙන් සොයාගත් නිදර්ශකයක් Rhinophis cf.punctatus ලෙස හඳුනාගෙන ඇත.

3) විශේෂ නාමය ලෙස Rhinophis punctatus ලෙස යොදා ඇත්තේ පෘෂ්ඨීයව දිවෙන එකාකාර කළු තිත් පේලිය හේතුවෙන්ය. ලතින් බසින් "punctatus" යනු තිත් සහිත යන තේරුමයි. 

සටහන - සංජය කණිෂ්ක





* Boulenger G. A. (1890) The fauna of British India including Ceylon and Burma, Reptilia and Batrachia. London: Taylor and Francis.
* Günther A. (1864) The reptiles of British India. London: Published for the Ray Society by Robert Hardwicke.
* de Silva A, Ukuwela K. (2017). A Naturalist's Guide To The Reptiles of Sri Lanka. Malaysia. Gulmohur Presss.
* Smith M. A. (1943) The fauna of British India, Ceylon and Burma including the whole of The Indo-Chinese Sub-region, Reptilia and Amphibia. Vol 3, Serpentes. Taylor & Francis, London.
* Wallach V., Williams K. L., Boundy J. (2014) Snakes of the World: A catalogue of living and extinct species. Taylor and Francis, CRC Press.
* Wall F. (1921). Ophidia Taprobanica or the Snakes of Ceylon. Governmental Press , Ceylon.
* Das, I. & de Silva, A. (2005) A photographic guide to snakes and other reptiles of Sri Lanka. New Holland publishers, London.
* Pyron, R.A., Kandambi, H.K.D., Hendry, C.R., Pushpamal, V., Burbrink, F.T. & Somaweera, R. (2013) Genus-level phylogeny of snakes reveals the origins of species richness in Sri Lanka. Molecular Phylogenetics and Evolution.
* Somaweera, R. (2006). Sri Lankawe Sarpayin ('The Snakes of Sri Lanka'). Wildlife Heritage Trust of Sri Lanka, Colombo.
* Wickramasinghe LJM (2012) The taxonomy and conservation status of the reptile fauna in Sri Lanka. In: Weerakoon DK & Wijesundara S (eds.) The National Red List 2012 of Sri Lanka; Conservation Status of the Fauna and Flora. Ministry of Environment, Colombo, Sri Lanka. Pp. 99–113.
* McDiarmid RW, Campbell JA, Touré T. 1999. Snake Species of the World: A Taxonomic and Geographic Reference, vol. 1. Herpetologists' League. 511 pp.
* Pyron R. A., Ganesh S. R., Sayyed A., Sharma V., Wallach V. & Somaweera R. 2016. A catalogue and systematic overview of the shield-tailed snakes (Serpentes: Uropeltidae).

Comments

Post a Comment