Green Vine Snake/ඇහැටුල්ලා (Ahaetulla nasuta-Lacépède, 1789)

Other Names- වෙනත් නම්
English Sinhala Tamil
Long-nosed Whip Snake ඇස්ගුල්ලා Kankuththi Pambu, Pachchai Pambu

Coluber nasutus LACÉPÈDE 1789: 277
Dryophis nasuta LACÉPÈDE 1789
Coluber mycterizans RUSSELL 1796 (not LINNAEUS; fide SMITH 1943)
Ahaetulla mycterizans — LINK 1807
Dryinus nasutus — MERREM 1820: 159
Dryinus oxyrhynchus BELL 1825 (fide SMITH 1943)
Dryinus russellianus BELL 1825 (fide SMITH 1943)
Dryophis hammatorhynchus FITZINGER 1826: 61 (nom. subst. pro C. myct.)
Dryophis passericki SCHINZ 1833 (fide BAUER 2015: 22)
Dryiophis nasuta — SCHLEGEL 1837: 159
Dryinus nasutus — DUMÉRIL & BIBRON 1854: 809
Dryinus fuscus — DUMÉRIL, BIBRON & DUMÉRIL 1854
Dryophis mycterizans — BOULENGER 1890 (fide SMITH 1943)
Dryophis mycterizans tephrogaster WALL 1908: 783 (fide SMITH 1943)
Dryophis mycterizans cineroventer WALL 1908: 919 (fide SMITH 1943)
Dryophis mycterizans rhodogaster WALL 1908 (fide SMITH 1943)
Dryophis mycterizans lepidorostralis WALL 1908 (fide SMITH 1943)
Dryophis mycterizans isabellinus WALL 1910: 229, 524 (fide SMITH 1943)
Dryophis mycterizans rhodonotus WALL 1921 (fide SMITH 1943)
Passerita nasuta — COCHRAN 1930: 32
Dryophis nasutus — SMITH 1943: 376
Ahaetulla nasuta — MANTHEY & GROSSMANN 1997: 311
Ahaetulla nasuta — COX et al. 1998: 69
Ahaetulla nasutus — SHARMA 2004
Ahaetulla nautus [sic] — VYAS 2007
Ahaetulla nasuta — WALLACH et al. 2014: 20



ශ්‍රී ලංකාවේ හමුවන කොළ පැහැති සර්පයන් අතරින් වඩාත් සුලබව හමුවෙන හා මිනිසුන් හොඳින් හඳුනාගන්නා ඇහැටුල්ලා රුක් වාසී සුළු විෂ සර්පයෙකි. ඇස්ගුල්ලා නමින්ද විවිද ප්‍රදේශ වල මෙම සර්පයා හඳුන්වන අතර එම නම හුදෙක් මිත්‍යාවක් මත පදනම් වූ එකකි. ඇහැටුල්ලන් මිනිසුන්ගේ ඇස් ඉලක්කකර පහර දී ඇස් ගලවන බව ජනවහරේ ඇති මිත්‍යාවකි. කෙසේ නමුත් රුක්වාසී සර්පයෙක් වීම නිසා ස්වභාවික පරිසරයේදී මිනිස් ඇස් මට්ටමින් හමුවීමට ඇති හැකියාව හේතුවෙන් ආරක්ෂක පියවරක් ලෙස කරන පහරදීමක් ඇස ඉලක්ක කර සිදුකරන දෙයක් ලෙස වැරදියට වටහාගත හැක.

දිගු සිහින් සිලින්ඩරාකාර ශරීරයක්ද , ගෙලෙන් පැහැදිලිව වෙන් වූ, දිගැටි කොලයක හැඩය ඇති හිසක්ද ඇහැටුල්ලාට ස්වභාවයෙන් හිමිව ඇත. ශරීරයේ පාර්ශවික පෙදෙස පැතලි වන අතර ප්‍රෂ්ඨීයව තද කොළ හෝ ලා කොළ පැහැයෙන් සුලබව හමුවේ. ලා කොළ මිශ්‍ර කහ පැහැයෙන්ද කලාතුරකින් දුඹුරු පැහැයෙන්ද හමුවී ඇත. තම රුක් වාසී ජීවන රටාවට මහගු උපකාරයක් වන දිගු පරිග්‍රාහක නැට්ටක් හිමි ඇහැටුල්ලා එය භාවිතයෙන් කුඩා අතු වල එල්ලී ගොදුරු සොයයි. හිසේ යටි තොල් සුදු පැහැවන් වේ. තල්ල (උගුර) පුරාවට මෙම සුදු පැහැය දැකගත හැක. උදරීය කොරල දෙපස කහ හෝ සුදු පැහැතිය. මේ නිසා පාර්ශවික දේහ කොරල හා උදරීය කොරල සුදු/කහ රේඛාවකින් වෙන් වී ඇති ලෙස පෙනෙයි. උදරීය පැහැය බොහෝ විට ලා කොළවන් වේ. දුඹුරු පැහැති උදරීය කොරල පිහිටි ඇහැටුල්ලන්ද වාර්තා වී ඇත. නාස් පුඩුවත් ඇසත් අතර ඇති ලෝරියල් ප්‍රදේශය අවතලව පිහිටීම නිසා ඇස් දෙකෙම එකම වස්තුවක් වෙත නාඹිගත කිරීමේ හැකියාව ඇහැටුල්ලා සතුව ඇත. බොහෝ විට වර්දනයත් සමග තුන්ඩ කෝරලය දික් වී තුන්ඩ නෙරීමක් ලෙස පිහිටයි. ඇස හිසේ ප්‍රමාණය හා අනුපාතව සැලකීමේදී තරමක් විශාල වන අතර තිරස් කනීණිකාවක් පිහිටයි. කලබල වූ විට තම ශරීරයේ ඉදිරි කොටස පුම්බා කට හැකිතරම් විවුර්ත කර ආරක්ෂක පියවරක් අනුගමනය කරයි. මෙහිදී අන්තර් කොරල වර්ණ වන කලු සහ සුදු වර්ණ හරස් තීරු ලෙස දිස්වේ.

දිවාචාර සර්ප විශේෂයකි. ගෙවතු ආශ්‍රිතව නිතර දැකගත හැකිවීමත් අනන්‍ය වූ වර්ණයත් හා ශරීර ස්වභාවයත් මෙම සර්පයා පහසුවෙන් හඳුනාගැනීමට මිනිසුන් තුල ඇති හැකියාවට හේතූන් ලෙස දැක්විය හැක. ඉහල කඳුකරයේ හැරුනකොට දිවයින පුරා දේශගුණික කලාප සියල්ලේම පාහේ ව්‍යාප්තියක් දක්වයි. ප්‍රජනනයේදී අන්ඩජලාබුජතාව පෙන්වන ඇහැටුල්ලන් වරකට පැටවුන් 5-23 පමණ සංක්‍යාවක් ප්‍රසූත කරයි. උපතේදී පැටවුන් 20-35cm තරම් දිගකින් යුක්තවී, 200cm තරම් දිගකට වර්දනය වේ. තම ප්‍රදාන ආහාරය ලෙස කුඩා මීයන්, කුරුල්ලන්, කටුස්සන් වැනි කුඩා උරගයින්ද ගෙම්බන් සහ වෙනත් කුඩා සර්ප විශේෂ මත යැපෙන අවස්ථාද වාර්තා වී ඇත. Opisthoglyph ආකාරයේ විෂ දල මුඛයේ උඩු ඇන්දේ පිහිටයි. ඇහැටුල්ලාගේ විෂ මිනිසාට හානි කිරීමට තරම් පරිණාමය වී නොමැති අතර දෂ්ඨනයකින් පසු දෂ්ඨනයට ලක්වූ ස්ථානය ඉදිමීමකට ලක් වන බව වෛද්‍ය වාර්තා වල සඳහන් වේ. දැඩිව සිදුවන වන විනාශය, මිත්‍යා හේතුකොටගත් අනිසි බිය හේතුවෙන් සිදුවන මරා දැමීම් හා මාර්ග අනතුරු මෙම සර්ප විශේෂයට ඇති ප්‍රදාන හානිකර සාධකයි.



Mid Body Scale Rows/මධ්‍ය දේහයේ හරස් කොරල : 15
Ventral/උදරීය : 168-206
Sub-caudal/පෞච්ඡ උදරීය : 127-186 බෙදී ඇත/Divided
Anal Plate/ගුද කෝරලය : බෙදී ඇත/Divided
Supralabial/උඩුතොල් : 8 (4,5 ඇස ස්පර්ශ කරයි)

ඇහැටුල්ලා සම්බන්ද විශේෂ කරුණු.

1) ඇස් දෙකම භාවිතා කර එකම වස්තුවක් වෙත නාඹි ගත කිරීමේ හැකියාව(Binocular Vision) ඇති සර්පයෙකු වීම. 
2) මෙරට උපන් ප්‍රවීණ උරගවිද්‍යාඥයෙකු වූ ෆ්‍රෑන්ක් වෝල් (Frank Wall[21 April 1868 – 19 May 1950]) මහතාට අනුව ඇහැටුල්ලාගේ තිරස් කණීනිකාව නිසා තම ශරීරයට අපර දෙසින් ඇති වස්තුවක් වුවද නිරීක්ෂණය කල හැකි අතර දෘෂ්ඨි පරාසය අංශක 330ක් පමණ වන බව සඳහන් කර ඇත.

සටහන - සංජය කණිෂ්ක



* Boulenger G. A. (1890) The fauna of British India including Ceylon and Burma, Reptilia and Batrachia. London: Taylor and Francis.
* Günther A. (1864) The reptiles of British India. London: Published for the Ray Society by Robert Hardwicke.
* de Silva A, Ukuwela K. (2017). A Naturalist's Guide To The Reptiles of Sri Lanka. Malaysia. Gulmohur Presss.
* Smith M. A. (1943) The fauna of British India, Ceylon and Burma including the whole of The Indo-Chinese Sub-region, Reptilia and Amphibia. Vol 3, Serpentes. Taylor & Francis, London.
* Wallach V., Williams K. L., Boundy J. (2014) Snakes of the World: A catalogue of living and extinct species. Taylor and Francis, CRC Press.
* Wall F. (1921). Ophidia Taprobanica or the Snakes of Ceylon. Governmental Press , Ceylon.
* Das, I. & de Silva, A. (2005) A photographic guide to snakes and other reptiles of Sri Lanka. New Holland publishers, London.
* Pyron, R.A., Kandambi, H.K.D., Hendry, C.R., Pushpamal, V., Burbrink, F.T. & Somaweera, R. (2013) Genus-level phylogeny of snakes reveals the origins of species richness in Sri Lanka. Molecular Phylogenetics and Evolution.
* Somaweera, R. (2006). Sri Lankawe Sarpayin ('The Snakes of Sri Lanka'). Wildlife Heritage Trust of Sri Lanka, Colombo.
* Wickramasinghe LJM (2012) The taxonomy and conservation status of the reptile fauna in Sri Lanka. In: Weerakoon DK & Wijesundara S (eds.) The National Red List 2012 of Sri Lanka; Conservation Status of the Fauna and Flora. Ministry of Environment, Colombo, Sri Lanka. Pp. 99–113.
* Mohapatra, Pratyush & K Dutta, Sushil & Kar, Niladri Bhusan & Das, Abhijit & Murthy, BHCK & Deepak, V. (2017). Ahaetulla nasuta anomala (Annandale, 1906) (Squamata: Colubridae), resurrected as a valid species with marked sexual dichromatism. Zootaxa. 4263. 318-332. 10.11646/zootaxa.4263.2.6.

Comments