Indian Rock Python/පිඹුරා (Python molurus-Linnaeus, 1758)

Other Names- වෙනත් නම්
English Sinhala Tamil
රන් පිඹුරා Periya Pambu, Kaloodai Viriyan

Coluber Molurus LINNAEUS 1758: 225
Boa Ordinata SCHNEIDER 1801: 260
Boa Cinerea SCHNEIDER 1801: 270
Boa Castanea SCHNEIDER 1801: 272
Boa Albicans SCHNEIDER 1801: 274
Boa Orbiculata SCHNEIDER 1801: 276
Coluber Boaeformis SHAW 1802: 511
Python bora DAUDIN 1803: 236 (nom. subst. pro Boa orbiculata)
Python tigris DAUDIN 1803: 241 (nom. subst. pro Boa castanea)
Python Jamesonii GRAY 1842
Python molurus — GRAY 1842
Python molurus — DUMÉRIL & BIBRON 1844: 417
P.[ython] trivittatus JERDON 1854: 526 (in error for Python bivittatus KUHL)
Python molurus — BOULENGER 1893: 87
Python molurus var. ocellatus WERNER 1899: 24
Python molurus var. intermedia WERNER 1899: 24
Python molurus var sondaica WERNER 1899: 24
Python molurus — WALL 1921: 48
Python molurus pimbura DERANIYAGALA 1945
Python molurus — MCDIARMID, CAMPBELL & TOURÉ 1999: 177
Python molurus molurus — BARONE 2004
Python molurus — WALLACH et al. 2014: 620




පුරාණ සම්භවයක් සහිත සර්පයකු වන පිඹුරා ශ්‍රී ලංකාවේ වෙසෙන විශාලතම සහ දිගින් වැඩිම සර්ප විශේෂය වේ. මිත්‍යා විශ්වාස මගින් පෝෂණය වූ ආකල්ප රැසක් අදටත් මොවුන් කෙරෙහි ජනයා තුල ඇත. විශාල ශරීරය නිසා ඉක්මනින් හඳුනාගත හැකි සර්පයෙකු වුවද පිඹුරු පැටවුන් නිසි දැනුමක් නැති කමින් පොළොඟුන් යැයි සලකා නිරපරාදේ මරා දමයි.හිස ප්‍රෂ්ඨීයව බොහෝ විට ලා රෝස පැහැයක් ගනී. ප්‍රෂ්ටිමත් සිරුරක් ඇති පිඹුරාගේ ගෙලේ සිට වලිගය දක්වා අක්‍රමවත්, ප්‍රමාණයෙන් විශාල දුඹුරු පැහැති පුල්ලි ප්‍රෂ්ඨීයවත් ,ප්‍රමාණයෙන් කුඩා දුඹුරු පුල්ලි /වෛරම් පාර්ශවිකවත් පිහිටා ඇත. ඇතැම් සතුන්ගේ මෙමෙ පුල්ලි එකට යාවීද ඇත. ඉතා හොඳින් වැඩුනු සතෙකු අඩි 12-15ත් තරම් වර්ධනය වන අතර අඩි 20ට වැඩි සතුන්ද වර්ථා වී ඇත. තෙත් කලාපයට වඩා වියළි කලාපයේ මොවුන්ගේ ව්‍යාප්තිය වැඩියෙන් දක්නට ලැබේ. භෞමික සර්පයෙක් වුවත් රුක්වාසී හා ජල මූලාශ්ර ආශ්‍රිත හැසිරීම් දැකගත හැක. නිශාචර සර්ප විශේෂයක් වුවත් දහවල් කාලයේද හමුවෙයි. 

පිඹුරාගේ හිසෙහි ද්වීපාර්ශවිකව පිහිටා ඇති Labial සිදුරු/ජිද්‍ර තාප සංවේදී බැවින් රාත්‍රී කාලයේදී ගොදුරැ සොයාගැනීම පහසු වේ. Python ඝණයේ අනිත් සර්පයන් මෙන් මොවුන්ද ප්‍රජනනයේදී අන්ඩජතාවය දක්වයි. පිඹුරෙක් වරකට බිත්තර 10-50ත් අතර සංක්‍යාවක් දමයි. තමාට තර්ජනයක් දැනුන විගස දඟරයක් ගැසී නාගයෙකු මෙන් පිබීමක් සිදුකරයි. එමගින් සෑහීමකට පත් නොවුනොත් ඉදිරියට පැන සපා කෑමට පෙළඹේ. තම ගොදුරු වෙලාගනිමින් අඩපන කොට ගිල දැමීම පිඹුරන්ගේ අහාර ගැනීමේ විලාශයයි.මොවුන්ගේ ප්‍රධාන අහාරය වන්නේ බළලුන්, සුනඛයන්, මුවන් වැනි ෂීරපායීන්ද ,තලගොයි, කබරගොයි වැනි උරගයින්ද , කුකුලන් සහ අනෙක් මධ්‍යම ප්‍රමාණයේ කුරුල්ලන්ද වේ. පැටවුන් කටුස්සන් ,ගෙම්බන් හා කුඩා ෂීරපායී විශේෂ ගොදුරු කර ගනී.

 නිර්විෂ සර්පයෙකු වුවද අනවශ්‍ය ලෙස හා පීඩාකාරී ලෙස මෙම සතුන් අතපත ගෑමෙන් මිනිසුන්ට හානි සිදුවිය හැක. මුඛයේ ඇතුලට නැඹුරු වූ දත් විශාල සංක්‍යාවක් ඇති බැවින් සපාකෑමකදී දරුණු තුවාල සිදුවිය හැක.පිඹුරන් මිනිසුන් වෙලාගනිමින් වලිගය ප්‍රදේශයේ ඇති විෂ කටුවකින් ඇන මරා දමන බව අප සමාජයේ ඇති මිත්‍යා මතයකි. මෙමෙ මිත්‍යාවට පාධක වී ඇත්තේ පරිනාමයේදී ෂීන වූ පාද අදටත් පිඹුරාගේ දක්නට ලැබීමයි. පිඹුරන් සිරුරෙන් වෙන් වෙන්න කපා මරා දැමීමෙන් පසු එම ශරීර කොටස් නැවත එක් වන බව තවත් මිත්‍යා මතයකි. මෙවැනි මතවල කිසිම තාර්කික හෝ විද්‍යාත්මක සත්‍යතාවක් නොමැති අතර නිවැරදි තොරතුරු සමාජයට ලබාදීම අප සතු වගකීමකි. කුඩා කල විලෝපිකයින් බොහෝ සිටියද වැඩුණු පිම්බුරෙකුට ඇත්තේ සුලු විලෝපිකයන් පිරිසකි. මිනිසා එයින් ප්‍රධාන තැන ගනී. සංචාරකයින්ගේ විනෝදය සඳහා අල්ලාගැනීමත්, සුරතල් සතුන් ලෙස නීතිවිරෝධී අපනයනයත්,නොසැලිකිලිමත් රිය ධාවනයත්, වන විනාශයත් මොවුන්ගේ පැවැත්මට ඇති තර්ජන වේ. පිඹුරන් IUCN රතු දත්ත වාර්තාවේ Least Concern (LC) කාණ්ඩය යටතේ වර්ගීකරනය කරනු ලබයි.


පිඹුරා සම්බන්ද විශේෂ කරුණු 

1) ශ්‍රී ලංකාවේ වෙසෙන විශාලම (බරින් හා දිගින්) සර්ප විශේෂය වීම.

2) 2009 වසර වන තෙක් Python molurus molurus යන උප විශේෂය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වී ඇති බව පිළිගත්තද, එම වර්ෂයේ සිදුකරන ලද පර්යේෂණයකට (Jacobs et al. 2009) අනුව බුරුම පිඹුරා (Burmese Python-Python molurus bivittatus) උප විශේෂයෙන් Python bivittatus ලෙස විශේෂයකට ලක් කර විස්තර කිරීම නිසා Python molurus තනි විශේෂයක් බවට පත් විය.

සටහන - සංජය කණිෂ්ක



Comments

Post a Comment