Schneider's Shieldtail/උල් තුඩුල්ලා (Rhinophis oxyrhynchus-Schneider, 1801)

Other Names- වෙනත් නම්
English Sinhala Tamil

Typhlops oxyrhynchus SCHNEIDER 1801: 341
A[nguis]. (Rhinophis) oxyrrhynchus — HEMPRICH 1820: 119
Rhinophis oxyrhynchus — EICHELBERG 1842: 295
Dapatnaya lanka-divana KELAART 1853
Rhinophis oxyrhincus [sic!] — DUMÉRIL & BIBRON 1854: 156
Dapatnaya lankadivana — KELAART 1854: 137
Mytilia (?Rhinophis) unimaculata GRAY 1858: 379
Rhinophis oxyrhynchus — BEDDOME 1886: 5
Rhinophis oxyrhynchus — BOULENGER 1893: 141
Rhinophis oxyrhynchus — WALL 1921: 32
Rhinophis oxyrhynchus — SMITH 1943
Rhinophis oxyrhynchus — MCDIARMID, CAMPBELL & TOURÉ 1999: 138
Rhinophis oxyrhynchus — KARUNARATHNA & AMARASINGHE 2011
Rhinophis oxyrhynchus — WALLACH et al. 2014: 651



1758දී නාමකරණ විද්‍යාව ආරම්භ වුවත් ලොව පළමුවෙන්ම නම් කෙරුණු සර්පයන් අතර යුරෝපෙල්ටිඩාවන් සිටියේ නැත. 1801 දී ජර්මාණු ජාතික පරිසරවෙදියෙක් වූ  Johann Gottlob Schneider විසින්  Historiae Amphibiorum naturalis et literariae නම් පරිසර සඟරාව පළ කිරීමත් සමග  මෙම සර්පයන්  පිළිබඳව තතු  විදු ලොවට එක විය. නමුත් ඒ කළ  ඔවුන්ව Uropeltidae කුලයේ සතුන් ලෙස වර්ග කරේ නැත. Typhlops oxyrhynchus ලෙස පළමුව විද්‍යාත්මකව විතර කරන ලද උල් තුඩුල්ලා පසුව Rhinophis ගණයෙහිලා වර්ගකර ඇත.

භාහිර පෙනුමින් කුවියර්ගේ වල්ගා ඇබයට බොහෝ සෙයින් සමානය. මෙම විශේෂ දෙකටම ඇත්තේ සමාන පෙනුමක් සහිත වල්ග ඇබයකි. නමුත් උල් තුඩුල්ලා දිගින් වැඩි වන අතර වඩා තියුණු, උල් වූ තුන්ඩ කොරළයක් සහිතය. ශරීරයේ කොරළ සුමට ස්වභාවයක්ද රෝම්බ්ස් හැඩයක්ද  ගනී. උල් වූ හිස හා ඇබයක් වැනි වල්ගය යන ලක්ෂණ වලින් පහසුවෙන් හඳුනාගත හැකි මෙම සර්ප විශේෂය පහතරට වියළි කලාපයේ  මුහුදු මට්ටමේ සිට 250m  පමණ වන්නට ව්‍යාප්තව ඇත. දුඹුරු වර්ණයෙන් බොහෝ විට හමු වේ. ඇතැම් සතුන්ගේ වල්ගය අසල ක්‍රීම් පැහැති කුඩා සලකුණු පාර්ශවිකව පිහිටයි. සෑම දේහ කොරළයකම දාර සුදු පැහැයෙන් දිස්වේ. වල්ග පලිහ ගෝලාකාර ඇබයක් සේ සැකසී ඇත. මෙම කොටසේ ප්‍රෂ්ඨීයව කුඩා නෛතල්‍යක් වැනි නෙරුම් වල්ග අබයේ කෙලවර සිට මධ්‍ය දක්වා පිහිටයි. පාංශු වාසී සංචරනයටම පරිණාමිකව හිමි වූ උල් හිස බුරුල් පස තුලින් හාරා යෑමට උපකාරී වේ. දිවියෙන් වැඩි කලක් පාංශු වාසීව සිටින බැවින් අනෙක් සර්පයන්ගේ මෙන් අක්ෂි පිහිටා නොමැත. පාරගම්‍ය පටලයක් වැනි කොරළයකින් එය වැසී ඇත. පැහැදිළි ගෙලක් රහිතය. 


ගැඩවිලුන් ප්‍රධාන වශයෙන් ආහාරයට ගනී. වර්ෂාවත් සමග පොළව මතුපිටට පැමිණෙනු දැකිය හැක. ගෙවතු, කෘෂි භූමි හා වනාන්තර මෙන්ම තෘණ භූමි වල හමුවේ. නිසාචර සත්ව විශේෂයක් වේ. අන්ඩජලාබුජ තාව මගින් පැටව් බිහිකරන මෙම සතුන් වරකට පැටවුන් 2- 5ත් අතර බිහිකරයි. වැඩුන සතෙක් 50-55cm පමණ වේ. කලබල වූ විට ගුලිවී හිස සඟවා ගනී. කිසිවිටෙකට සපා කෑමට තැත් නොකරයි. මනිසා හා නිතර නොගැටුනත් පස් කැපීම , කෘෂි භූමි පිළියෙළ කිරීම් වැනි ක්‍රියාකාරකම් මෙම සතුන්ගේ පැවැත්මට ඇති තර්ජන සේ සැළකිය හැක. මේ වන විට රතු දත්ත සටහනේ තර්ජනයට ලක් නොවූ ලක් වූ සර්ප විශේෂයක් (Least Concern) ලෙස නම්කොට ඇත.

උල් තුඩුල්ලා සම්බන්ද විශේෂ කරුණු

1) දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙන දිගින් වැඩිම තුඩුල්ලන් දෙදෙනාගෙන් එක් විශේෂයක් වීම , අනිත් විශේෂය මහ බිං උල්ලා (Rhinophis saffragamus) වන අතර දැනට හමුවී ඇති නිදර්ශක අනුව ඉතා අසන්න වශයෙන් ඔවුන්ගේ දිග සමාන වේ. P.E.P දැරණියගල මහතා 57cm දිගකින් යුතු නිදර්ශකයක් පිළිබඳව 1955දී සඳහන් කර ඇත

2) බොහෝ දුරට Uropeltidae කුලයේ විද්‍යාත්මක විස්තර කරනු ලැබූ පළමු සර්පයා වීම (1801)

3) පරිණාමික බන්දුතා අනුව අනෙක් සියළු Rhinophis විශේෂ උල් තුඩුල්ලාට වෙන්වූ වර්ගීකරණ කාණ්ඩයක් පෙන්වයි. (Sister Clade)

4) දකුණු ඉන්දියාවට හා ශ්‍රී ලංකාවට ආවේණික Rhinophis ගණයේ දර්ශක විශේෂය වීම. (Type Species)

සටහන - සංජය කණිෂ්ක




* Boulenger G. A. (1890) The fauna of British India including Ceylon and Burma, Reptilia and Batrachia. London: Taylor and Francis.
* Günther A. (1864) The reptiles of British India. London: Published for the Ray Society by Robert Hardwicke.
* de Silva A, Ukuwela K. (2017). A Naturalist's Guide To The Reptiles of Sri Lanka. Malaysia. Gulmohur Presss.
* Smith M. A. (1943) The fauna of British India, Ceylon and Burma including the whole of The Indo-Chinese Sub-region, Reptilia and Amphibia. Vol 3, Serpentes. Taylor & Francis, London.
* Wallach V., Williams K. L., Boundy J. (2014) Snakes of the World: A catalogue of living and extinct species. Taylor and Francis, CRC Press.
* Wall F. (1921). Ophidia Taprobanica or the Snakes of Ceylon. Governmental Press , Ceylon.
* Das, I. & de Silva, A. (2005) A photographic guide to snakes and other reptiles of Sri Lanka. New Holland publishers, London.
* Pyron, R.A., Kandambi, H.K.D., Hendry, C.R., Pushpamal, V., Burbrink, F.T. & Somaweera, R. (2013) Genus-level phylogeny of snakes reveals the origins of species richness in Sri Lanka. Molecular Phylogenetics and Evolution.
* Somaweera, R. (2006). Sri Lankawe Sarpayin ('The Snakes of Sri Lanka'). Wildlife Heritage Trust of Sri Lanka, Colombo.
* Wickramasinghe LJM (2012) The taxonomy and conservation status of the reptile fauna in Sri Lanka. In: Weerakoon DK & Wijesundara S (eds.) The National Red List 2012 of Sri Lanka; Conservation Status of the Fauna and Flora. Ministry of Environment, Colombo, Sri Lanka. Pp. 99–113.
* McDiarmid RW, Campbell JA, Touré T. 1999. Snake Species of the World: A Taxonomic and Geographic Reference, vol. 1. Herpetologists' League. 511 pp.
* Pyron R. A., Ganesh S. R., Sayyed A., Sharma V., Wallach V. & Somaweera R. 2016. A catalogue and systematic overview of the shield-tailed snakes (Serpentes: Uropeltidae).

Comments