Sri Lankan Pipe Snake/දෙපත් නයා (Cylindrophis maculatus-Linnaeus, 1758)

Other Names- වෙනත් නම්
English Sinhala Tamil
Ceylonese Cylinder Snake වටඋල්ලා

Anguis maculata LINNAEUS 1754
Anguis maculata — LINNAEUS 1758: 228
Tortrix maculata — DE FILIPPI 1840
Cylindrophis maculatus — DUMÉRIL & BIBRON 1844: 597
Cylindrophis maculata — JAN 1865
Cylindrophis maculatus — BOULENGER 1893: 136
Cylindrophis maculatus — WALL 1921: 18
Cylindrophis maculatus — SMITH 1943: 98
Cylindrophis maculatus — MCDIARMID, CAMPBELL & TOURÉ 1999: 153
Cylindrophis maculatus — KARUNARATHNA & AMARASINGHE 2011
Cylindrophis maculatus — WALLACH et al. 2014: 204



ශ්‍රි ලංකාවට ආවේණික විෂ රහිත සර්පයකුවන දෙපත් නයා තෙත්,වියළි සහ අතරමැදි කළාපවල දැකගත හැකි ඉතා අලංකාර සර්ප විශේෂයකි.පාංශුවාසී සර්පයකු වන මොහු රත්‍රියේදී පොළව මතුපිට දී දැකගතහැක.බිය වූ විට ශරීරය පැතලි කොට හිස සඟවා වලිගය පෙනයක් සේ ප්‍රදර්ශනය කිරීම නිසා මොහුට දෙපත් නයා යන නම ලැබෙයි.එය විලෝපිතයින් ගෙන් බේරිමට අනුගමනය කරන උපක්‍රමයක් විනා පහර දීමට තැත්කිරීමක් නොවෙයි.ගම් බදව අද උවත් දෙපත් නයා හිස් දෙකක් සහිත විෂ සර්පයෙකු වශයෙන් හන්දුවන අය සිටියි.බිය ගැන්වූ විට ශරීරය නිසොල්මන්ව පැතලි කොට සුළුවේලාවක් සිටින අතර අලස සර්පයෙකු නිසා ඉතා සෙමින් ක්‍රියාත්මක වෙයි.
සුමට කොරල වලින් වැසුන කුඩා සිරුරක් ද පාංශු පරිසරයන්හි සංචරණය සඳහා සෑදුන හෝම්බුව දෙසට වන්නට පැතලි වන හිසක්ද දෙපත්නයා සතුව ඇත. ශරීරයේ පෘෂ්ඨීය වර්ණය කළු පැහැ වන අතර  දුඹුරු, රතු මිශ්‍ර දුඹුරු හා තැඹිලි මිශ්‍ර දුඹුරු වර්ණයන්ගෙන් සෑදුනු පුල්ලි ද්වීපාර්ශවිකව ගෙලෙහි සිට වල්ගය දක්වා දිවයයි. උදරීය-පාර්ශවික ප්‍රදේශයේ සුදු පුල්ලි තැනින් තැන පිහිටා ඇති අයුරු දැකගත හැක. ශරීරය මතු පිට මෙන්ම යටි පස ඉතා අලන්කාර කළු-සුදු වර්ණ රටාවන්ගෙන් යුක්තවන අතර ඈත සිට දකින්නකුට පළදනාවක ස්වරූපය දිස්වෙයි. ආහාර වශයෙන් වේයන්,ගැඩවිලුන්,කුඩා උභයජීවින් මෙන්ම වෙනත් කෘමි සතුන් ගොදුරුකොට ගනී. මීට අමතරව තුඩුල්ලන් වැනි පාංශු වාසී සර්පයන් මත යැපෙන අවස්ථාද වාර්තා වේ. බොහෝ විට තලගොයින්,කබරයින්,ඌරන් වැනි පොළව හාරන සතුන්,වෙනත් විශ සහිත සර්පයින් හා රත්‍රියේදී පොළව මතුපිටට පැමිණෙන නිසා බස්සන් වැනි සතුන්ගේ පහසු ගොදුරු බවටද මොවුන් පත්වෙයි.

අණ්ඩජලාබුජතාව මගින් ප්‍රජනනය සිදුකරන මෙම සර්ප විශේෂය වරකට පැටවුන් 1-15 අතර බිහි කරයි.උපතේදී පැටවුන් දිගින් 10cm  පමණ වන අතර වැඩුන සතෙක් 72cm පමන වේ. ශ්‍රී ලංකාවට ආවේණික සර්පයෙක් නිසාත් දිනෙන් දින සිදුවන මරාදැමීම්, වන විනාශය වැනි කරුණු හේතුකොටගෙන වඳ වී යාමේ තර්ජනයට භාජනය වීමටද ඉඩ ඇත. IUCN රතු දත්ත වාර්තාවේ මෙම සර්ප විශේෂය Near Threatened (NT) කාණ්ඩය යටතේ වර්ගීකරනය කරනු ලබයි.

දෙපත් නයා සම්බන්ද විශේෂ කරුණු 

1) ශ්‍රී ලංකාවට ආවේණික සර්පයන්ගෙන් පළමුව විද්‍යාත්මකව විස්තර කරනු ලැබූ විශේෂ දෙකෙන් එකක් වීම (අනෙක් විශේෂය කබර දත්කැටියා)
2) Cylindrophis ගණයේ සර්පයන්ගෙන් පළමුව විද්‍යාත්මකව විස්තර කරනු ලැබූ විශේෂය වීම (1758 දී Anguis maculata ලෙස)

සටහන -  ගයාන් ප්‍රසංග හා සංජය කණිෂ්ක 


Comments