Barnes's Cat Snake/පඳුරු මාපිලා (Boiga barnesii-Günther, 1869)

Other Names- වෙනත් නම්
English Sinhala Tamil
Poonai Pambu


Dipsas barnesii GÜNTHER 1869: 506
Dipsadomorphus barnesii — BOULENGER 1896
Dipsadomorphus barnesii — WALL 1921: 283
Boiga barnesii — SMITH 1943: 354
Boiga barnesii — DAS 1996: 54
Boiga barnesii — GROEN 2008
Boiga barnesii — WALLACH et al. 2014: 101



ශ්‍රී ලංකාවේ හමුවන මාපිල් විශේෂ අතුරින් කුඩාම හා එකම ආවේණික විශේෂය වන්නේ පඳුරු මාපිලායි. ඉතා කුඩා සිහින් සිරුරක් සහිත මෙම සර්ප විශේෂය ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ වනාන්තරාශ්‍රිතව ව්‍යාප්ත වී ඇත. මේ හේතුව නිසාම දැකගැනීමට තරමක් දුර්ලබ සර්පයෙක් වුවත් වනාන්තර ආසන්නයේ ඇති ගෙවතු ආශ්‍රිතවද හමුවේ. ශරීර වර්ණය පුළුල් පරාසයකින් හමුවේ. බොහෝ සතුන්ගේ ශරීරය ලා කහ හෝ තැඹිලි, දුඹුරු මිශ්‍ර තැඹිලි වර්ණයක් ගන්න අතර ශරීරය හරස් අතට තද දුඹුරු පැහැ හෝ දම් මිශ්‍ර දුඹුරු තරමක් විශාල පුල්ලි පිහිටයි. මීට අමතරව අළු පැහැයෙන් යුත් සතුන්ද වාර්තාවී ඇත. හිසේ පෘෂ්ඨීය පැහැය තද දුඹුරු හෝ කළු මිශ්‍ර දුඹුරු පැහැයක් ගනී. ගෙලින් පැහැදිලිව වෙන් වූ හිසක් සහිත වන අතර හිසට සාපේක්ෂව විශාල අක්ෂි පිහිටයි. පඳුරු  මාපිලා රාත්‍රියට ක්‍රියාශීලී නිශාචර සර්පයෙකි. රුක්වාසී සර්පයෙකු වන බැවින් පරිග්‍රාහක වලිගය හා සිහින් දිගැති සිරුර ගොදුරු අල්ලා ගැනීමේදී හා ගස් වැල් වල සංචරණයේදී උපකාරීවෙයි. .මොවුන්ගේ ප්‍රධාන ආහාර වන්නේ හූනන්,කටුස්සන් හා සිකනලුන් වැනි සතුන්ය. අණ්ඩජතාව මගින් බෝවීම සිදුවෙයි. වරකට බිත්තර 2-4 අතර ප්‍රමාණයක් දමයි. වැඩුන සතෙක් අඩි දෙකක් පමණ වේ. පඳුරු මාපිලා ඉක්මණින් ප්‍රකෝප වන සර්පයෙකු නොවන අතර මොවුන්ගේ දශ්ටන කිසිසේත් මිනිසුන්ට විශාල හානියක් කරවීමට සමත් නොවෙයි. වැඩුන සතුන් පවා සාපේක්ෂව කුඩා හෙයින් ඩුවනෝයි ග්‍රන්ථිද කුඩාය. එබැවින් සැලකියයුතු විෂ ප්‍රමාණයක් ස්වභාවික දෂ්ටනයකදී ශරීරගත නොවේ.  කලබල වූ විට වලිගය කෙලවර වේගයෙන් සෙලවීම,හිස පැතලි කිරීම,ශරීරයේ ඉදිරි කොටස ඔසවා දඟරයක් ලෙස සකසා මුඛය විවරකොට පහරදීම සුලබ චර්යාරටාවන් වෙයි. මිනිසාට නිතර හමු නොවුනත් IUCN රතු දත්ත වාර්තාවේ ජාතික සංරක්ෂණ තත්වය Vulnerable (VU) ලෙස වර්ග කොට ඇත. දැඩිව සිදුවන වන විනාශය හා වර්ෂාව නොමැති වීමන් වනාන්තර වියළී යෑම මොවුන්ගේ පැවැත්මට ඇති ප්‍රධාන තර්ජන ලෙස දැක්විය හැක.

පඳුරු මාපිලා සම්බන්ද විශේෂ කරුණු 

1) බ්‍රිතාන්‍ය ස්වාභා විද්‍යා කෞතුකාගාරය වෙනුවෙන් සත්ව නිදර්ශක එකතුකළ Richard Hawksworth Barnes මහතාට ගෞරවයක් ලෙස නාමකරණය සිදුකර ඇත. Barnes මහතා විසින් මෙම විශේෂයේ දර්ශක නිදර්ශකය මහනුවර ගන්නොරුව ප්‍රදේශයෙන් සොයාගෙන ඇත.

2) ලක්වාසී එකම ආවේණික මාපිල් විශේෂය වීම.

3) ශ්‍රී ලංකාවේ හමුවන කුඩාම මාපිල් විශේෂය වීම.


සටහන - සංජය කණිෂ්ක



Comments