Templeton's Kukri Snake/කබර දත්කැටියා (Oligodon calamarius-Linnaeus, 1758)

Other Names- වෙනත් නම්
English Sinhala Tamil
Reed-like Kukri Snake

Coluber Calamarius LINNAEUS 1758: 216
Oligodon templetonii GÜNTHER 1862: 57 (fide SMITH 1943)
Oligodon templetoni — BOULENGER 1890
Oligodon templetoni — WALL 1921: 245
Oligodon calamarius — SMITH 1943: 228
Oligodon calamarius — DAS 1996: 58
Oligodon calamarius — SURANJAN KARUNARATHNA 2009
Oligodon calamarius — WALLACH et al. 2014: 495



ශ්‍රී ලංකාවට ආවේනික දත්කැටියන් විශේෂ 2 අතරින් එක් විශේෂයක් වන්නේ කබර දත්කැටියායි. පුල්ලි දත්කැටියාට තරමක් සමාන පෙනුමක් ඇති වුවත් සාපේක්ෂව තද පැහැ ශරීර වර්ණයත් කශේ කොරළ ආසන්නයේ දිවෙන තද පැහැ රේඛාවත් මගින් පුල්ලි දත්වෙකැටියාගෙන් වෙන් කොට හඳුනාගත හැක. ශ්‍රී ලංකාවේ තෙත් කළාපීය පහත බිම් වල මුහුදු මට්ටමේ සිට 1000m දක්වා ව්‍යාප්තවී සිටින මෙම සර්ප විශේෂය අනෙක් සියළු දත් කැටියන් විශේෂ මෙන් නිර්විෂ ඛාණ්ඩයට අයත්වේ. ශරීරය තද දුඹුරු පැහැයක් ගන්නා අතර කශේ කොරළ ඔස්සේ තැඹිලි හෝ කහ පැහැති රේඛාවක් ගෙලෙහි සිට වල්ගය දක්වා විහිදයයි. ඇතැම් සතුන්ගේ මෙම රේඛාව ශරීරයේ මදක් හෝ වල්ගය අසල පමණක් පිහිටයි. දුඹුරු පැහැති දිගු පුල්ලි පෘෂ්ඨීයව අක්‍රමවත් අයුරින් හෝ සම්පූර්ණයෙන් ඉහත සඳහන් රේඛාව දෙපසින් පිහිටා ඇත. කෙටි මොට වූ වල්ගයක් ඇත. එහි පාර්ශවිකව කළු රේඛාවක් දෙපසින් පිහිටයි. අනෙක් දත්කැටි විශේෂ මෙන් කබර දත්කැටියාගේත් හිසෙහි පෘෂ්ඨීයව ඇස් දෙක යා කෙරෙන හිසේ ඉදිරිපස දෙසට නැමුණු රේකාවක් පිහිටා ඇත. ඇතැම් සතුන්ගේ මෙම රේඛාව පැහැදිළිව දිස් නොවේ. හිසේ පෘෂ්ඨීයවද හොඹුව දෙසට වන්නට වූ දිගැති සළකුණක් පිහිටයි. උදරීයව Checkered එනම් දාම් ලෑල්ලක ආකාරයෙන් කළු හා සුදු පැහැ රටාවක් දක්නට ලැබේ. 

නිශාචර සර්පයෙකු වුවද දහවල් කාලයේද ඇතැම් විට හමුවේ. සවස් කාලයේදී වඩා ක්‍රියාශීලී වේ. දහවල් කාලයේදී කොලරොඩු, කොටන් හා ගල් යට වැනි අඳුරු ස්ථාන වල දිවි ගෙවයි. තමාට තර්ජනයක් දැනුන විගස දඟරයක් ගැසී හිස ඒ තුල සඟවාගනී. කබර දත්කැටියන් ප්‍රජනනයේදී අන්ඩජතාවය දක්වයි. අලුත උපන් කුඩා පැටවුන් දිගින් 5cmක් තරම්ද වැඩුනු සතෙකු 30cm ක් තරම් දිගකින් යුක්ත වේ.  මොවුන්ගේ ප්‍රධාන අහාර ලෙස කුඩා උරග බිත්තර ලබාගනී. මීට අමතරව කුඩා උරගයින් හා අපෘෂ්ඨවංශීන් ගොදුරු කරගනී. මොවුන්ගේ ප්‍රධාන විලෝපිකයින් වන්නේ  කුරුල්ලන්, කරවැලුන් වැනි සර්පයින් ගොදුරු කරගන්නා අනෙක් සර්පයන් හා විශාල මැඩියන්ය. වනාන්තරාශ්‍රිතව හමුවන හෙයින් මිනිසුන්ගෙන් ඇති තර්ජන සාපේක්ෂව අඩුය. IUCN රතු දත්ත වාර්තාවේ මෙම සර්ප විශේෂය අන්තරායක / Endangered (EN) කාණ්ඩය යටතේ වර්ගීකරනය කරනු ලබයි.

කබර දත්කැටියා සම්බන්ද විශේෂ කරුණු 

1) ශ්‍රී ලංකාවේ ආවේණික සර්පයන්ගෙන් පළමුව විද්‍යාත්මකව විස්තර කරනු ලැබූ සර්පයන් දෙදෙනාගෙන් එක් විශේෂයක් වීම.

2) ලොව සිටින දත් කැටියන් අතුරින් පළමුව විද්‍යාත්මක නාමකරණයක් ලැබූ එකම විශේෂය වීම (Coluber calamarius ලෙස).

2) Dr.R.Templeton විසින් මෙම විශේෂයේ දර්ශක නිදර්ශකය ලබාගත් හේතුවෙන් ඔහුට ගෞරව පිණිස පොදු නාමය ලබාදී ඇත.

3) අණුක වංශ ප්‍රවේණිය අනුව පරිණාමිකව පුල්ලි දත්කැටියාට ලඟම නෑකම් දක්වයි.

සටහන - සංජය කණිෂ්ක

Comments