Highland Hump-Nosed Pit Viper/කඳුකර මූකලන් තෙලිස්සා (Hypnale nepa-Laurenti, 1768)

Other Names- වෙනත් නම්
English Sinhala Tamil
Wall's Hump-nosed Pit Viper කුඩා මූකලන් තෙලිස්සා


Coluber nepa LAURENTI 1768: 97
Hypnale nepa — GÜNTHER 1864 (part.)
Ancistrodon hypnale BOULENGER 1896
Ancistrodon nepa — SMITH 1937
Ancistrodon nepa — SMITH 1943: 500
Agkistrodon nepa — TAYLOR 1950: 595
Agkistrodon walli GLOYD 1977
Hypnale walli — WELCH 1994: 67
Hypnale nepa — WELCH 1994: 67
Hypnale nepa — MCDIARMID, CAMPBELL & TOURÉ 1999: 310
Hypnale walli — MCDIARMID, CAMPBELL & TOURÉ 1999: 311
Hypnale walli — GUMPRECHT et al. 2004
Hypnale nepa — GUMPRECHT et al. 2004
Hypnale nepa — WALLACH et al. 2014: 343



ශ්‍රී ලංකාවේ හමුවන තෙලිස්සන් විශේෂ තුන අතුරින් ඉහළ කඳුකරයට සීමාවූ විශේෂය වන්නේ කඳුකර මූකලන් තෙලිස්සාය. ඇතැම් ප්‍රකාශන වල Hypnale walli එසේත් නැතිනම් කුඩා මූකලන් තෙලිස්සා ලෙස අදටත් මෙම සර්පයා හඳුන්වනු ලැබුවත් වර්ථමාන තක්සෝන නාමකරණයන්ට අනුව Hypnale nepa ලෙස එය නිවැරදි විය යුතුය. ඉතා ශීත කාලගුණයක් සහිත කඳුකර ප්‍රදේශ වල ව්‍යාප්ත ශ්‍රී ලංකාවට ආවේණික මෙම විශේෂය අනෙක් තෙලිස්සන් විශේෂ දෙක අතුරින් වෙන් කර හඳුනාගැනීමට කොරළ වින්‍යාසය හා කොරළ ස්වභාවය වැදගත් වේ. කඳුකර මූකලන් තෙලිස්සාගේ ලෝරියල් තාප ජිද්‍රයට පිටුපසින් ඇති කොරළය හා තෙවන අධ්‍යදර  (උඩුතොල) කොරළය  අතර කුඩා කොරළ 1-3 දරන අතර හතර හා පස්වන අධ්‍යදර කොරළ හා ශංඛක කොරළයත් අතර රොම්බසාකාර හැඩයෙන් යුත් කොරළයක් දක්නට ලැබේ. තවද මධ්‍ය දේහයේ කොරළ සුමට ස්වභාවයකින් යුක්ත වේ. අනෙක් තෙලිස්සන් විශේෂ දෙකෙහිම කීලකයක් සහිත මධ්‍ය දේහ කොරළ පිහිටයි.


කුඩා පෘෂ්ඨිමත් දේහයක් හිමි මෙම සර්ප විශේෂය වර්ණ පරාසයකින් හමු වේ. මේ අතුරින් තද කළු, දුඹුරු හා කහ පැහැය ප්‍රමුඛ වේ. මීට අමතරව ලා රත් පැහැයට හුරු සතුන්ද වාර්තාවී ඇත. පැහැදිළි ගෙලක් සහිතය. හිස ඉහළින් බැලූ විට ත්‍රිකෝණාකාර ස්වභාවයක් ගනී. උදරීය පැහැය පෘෂ්ඨීය වර්ණය මත වෙනස් වේ. දුඹුරු තිත් විසිරුණු  ක්‍රීම් පැහැති උදරයන් ඇති සතුන් බහුල වේ. බොහෝ අවස්ථාවල ප්‍රෂ්ඨීයව කේෂ කොරල හා ආශ්‍රිත අනෙක් කොරල තද වර්ණයක් ගන්නා අතර කේෂ කොරල මත කලු හෝ දුඹුරු පැහැති සිහින් රේඛාවක් ගෙලෙහි සිට නැට්ට දක්වා පිහිටයි. කලු/දුඹුරු පැහැති ත්‍රිකෝණාකාර පුල්ලි 18-24 පමණ සංක්‍යාවක් එම රේඛාව දෙපස එකිනෙකට මුහුණලා එකිනෙක ස්පර්ෂ වන ලෙස හෝ සිග්සැග් ආකාරයෙන් පිහිටයි.

වල පොළඟුන්ට විශේෂවන තාප සංවේදී ලෝරියල් සිදුර විශේෂයෙන් රාත්‍රීකාලයෙදි තම ගොදුරු අල්වාගැනීමට අවශ්ය සංවේදන ලබාදෙන අතර,ගොදුරු වශයෙන් සිකනැලුන්,පඳුරු මැඩියන්,හූනන් සහ මී පැටවුන් ප්‍රධාන වෙයි. රාත්‍රී කාලයේදී ක්‍රියාශීලී ලෙස හැසිරෙන මොවුන් දිවාකාලයේදී දිරාපත්වන කොළරොඩු,ලී කොටන්,ගල් පැලුම්,වනාන්තරයේ කුඩා ගස් හෝ පඳුරු මත ගතකරන අතර දහවල් කාලයේත් ඉඳහිට සංචාරය කරනු දක්නට ලැබෙයි. දෂ්ටන ප්‍රමාණය අවම වීම හා ව්‍යාප්ති කලාපය සීමා වීම හේතුවෙන් අවම වෛද්‍ය විද්‍යාත්මක වැදගත් සර්පයෙක් ලෙස සලකයි. ශ්‍රී ලංකාවේ මුහුදු මට්ටමේ සිට මීටර් 1200ත් 1850ත් අතර ප්‍රදේශයන්හි හමුවේ. ප්‍රජනනයෙදී අණ්ඩජලාබුජතාව පෙන්වන පොළොන් තෙලිස්සා වරකට පැටවුන්  5-8ත් අතර සංක්‍යාවක් ප්‍රසූත කරයි. සාමාන්‍යයෙන් වැඩුණු සතෙක් 25cm පමණ වේ. වනාන්තර විනාශය හා මාර්ග අනතුරු මොවුන්ට ඇති ප්‍රධාන තර්ජන ලෙස දැක්විය හැක. රතු දත්ත වාර්තාවේ අන්තරායක (EN- Endangered) තත්වයට පත්වූ සර්පයෙක් ලෙස නම් කොට ඇත.

කඳුකර මූකලන් තෙලිස්සා සම්බන්ද විශේෂ කරුණු 

1) තෙලිස්සන් අතුරින් පළමුව විද්‍යාත්මකව විස්තර කරනු ලැබූ විශේෂය වීම

සටහන - සංජය කණිෂ්ක


Comments