Dog-Faced Water Snake/කුණුදිය කලුවා (Cerberus rynchops-Schneider, 1799)

Other Names- වෙනත් නම්
English Sinhala Tamil
South Asian Bockadam Uppu-eri Pambu

Hydrus rynchops SCHNEIDER 1799: 246
Hydrus cinereus SHAW 1802
Coluber cerberus DAUDIN 1803: 167
Python rhynchops — MERREM 1820: 90
Homalopsis cerberus — FITZINGER 1826
Homalopsis molurus H. BOIE 1826
Homalopsis rhynchops — BOIE 1827
Cerberus cerberus — CUVIER 1829
Cerberus cinereus — CANTOR 1839
Homalopsis rhinchops (sic) — CANTOR 1847
Cerberus rhynchops — GÜNTHER 1864: 279
Cerberus rhynchops — ANDERSON 1871: 179
Hurria rynchops — STEJNEGER 1907: 304
Hurria rynchops — MERTENS 1930
Cerberus rynchops — SMITH 1930
Cerberus rynchops rynchops — LOVERIDGE 1948
Cerberus rhynchops [sic]— BOULENGER 1894: 84
Cerberus rhynchops — WALL 1921: 257
Cerberus rynchops — SMITH 1943
Cerberus rhynchops — HENDRICKSON 1966
Cerberus rynchops — MANTHEY & GROSSMANN 1997: 331
Cerberus rynchops — COGGER 2000: 619
Cerberus rynchops — COX et al. 1998: 39
Cerberus rhynchops — MURTHY 2010
Cerberus rynchops — MURPHY & VORIS 2014: 12
Cerberus rynchops — WALLACH et al. 2014: 155




ශ්‍රී ලංකාවේ හමුවන හෝමලොප්සිඩාවන් අතරින් සුලබවම හමුවන විශේෂය වන්නේ කුණු දිය කළුවන්ය. කඩොලාන ආශ්‍රිත පරිසර පද්ධති වල සමතුලිතතාව රැකගැනීමට ඉමහත් සේවයක් ඉටු කරන මෙම විශේෂය ශ්‍රී ලංකාවේ වෙරළ සීමාව ආශ්‍රිතව පමණක් ව්‍යාප්ත වී සිටීම නිසා බොහෝ පිරිසක් මෙම සර්ප විශේෂය නිසි ආකාරව හඳුනන්නේ නැත. පැහැදිළි කීලකයක් සහිත රළු කොරළ වලින් සෑදුනු පෘෂ්ඨිමත් සිරුරක් සහිතය. ගෙලින් පැහැදිලිව වෙන්වන හිස අපරව වඩා පුළුල්ව පිහිටයි. හිසට සාපේක්ෂව කුඩා අක්ෂි හිසෙහි මදක් පෘෂ්ඨීයව හොඹුවේ සිට මද දුරකින් පිහිටයි. හොඹුව අක්ෂි මට්ටමට පහලින් හා ඉදිරියට නෙරා පිහිටීම හේතුවෙන් ඉංග්‍රීසි බසින් Dog-faced Watersnake ලෙස හඳුන්වයි. ඇස අසලින් ආරම්භ වන තද පැහැති රේඛාවක් ගෙල දෙසට වැන්නව දිව යයි. හිසෙහි කොරළ ඉතා කුඩා ප්‍රමාණයෙන් කැටිව (fragmented) පවතී. ශරීර වර්ණය තද කළු-දුඹුරු පැහැයේ සිට ලා දුඹුරු-ඔලිව් පැහැයට ඇති වර්ණ පරාසයකින් හමුවේ. ශරීරයේ හරස් අතට වූ කළු පැහැ අක්‍රමවත් හරස් පටි දක්නට ඇත. ලා පැහැති සතුන්ගේ මෙම හරස්පටි පැහැදිළිව දක්නට ඇත. උදරීය පැහැය සත්වයාගෙන් සත්වයාට වෙනස් වේ.ඇතැම් සතුන්ගේ උදරීය පැහැය ලා කළු පමණක් වේ. තවද ලා කළු උදරීය කොරළ දෙපස සුදු හෝ ක්‍රීම් පැහැති පුල්ලි දක්නට ඇති සතුන්ද හමු වී ඇත. තනි ක්‍රීම් පැහැයෙන් යුත් උදර දරන නිදර්ශකද ඉන්දියාවෙන් වාර්තාවී ඇත.

ප්‍රධාන වශයෙන් නිසාචර සර්පයකු වන අතර ගොම්මන් කාලයේ ක්‍රියාශීලී වේ. උදම් රළ සහිත ගංගා, කිවුල් ජල හා මඩ සහිත පරිසර පද්ධති , කඩොලාන පරිසර , ගංගා මෝය කට ආශ්‍රිතව වාසය කිරීමට ප්‍රිය කරයි. නොගැඹුරු මුහුදේ වෙරළාසන්නවද හමුවන බව Cantor, Haly හා Fowler යන සත්ව විද්‍යාඥයින් පවසා ඇත.ඉතා හොඳින් ජලයේ පිහිනීමට හැකියාවක් ඇත. ආහාර ලෙස ප්‍රධාන වශයෙන් මත්ස්‍යන් මත යැපෙන අතර ඉස්සන්, කකුළුවන් වැනි ක්‍රස්ටේසියාවන් ද ගෙම්බන් වැනි උභයජීවින්ද ආහාරයට ගනී. අණ්ඩජලාබුජ තාව මගින් වරකට පැටවුන් 6 - 30ක් පමණ බිහිකරයි. උපතේදී පැටවුන් සෙ.මී 15 - 20 අතර වන අතර අඩි 2 - 3ක් පමණ විශාවලව වැඩේ. තර්ජනයක් දැනුන විගස වූවිට පිඹින ශබ්දයක් නිකුත්කරන නමුත් සපාකෑමට පෙළඹෙන්නෙ කලාතුරකිනි. අනෙකුත් මෙන් මුඛයේ උඩු භාහුවේ පිටුපසට වන්නට විකරණය වූ Opisthoglyph වර්ගයේ දළ පිහිටා ඇත. සුළු විෂ සර්පයෙකු සේ වර්ග කරයි. ධීවර කර්මාන්තයේ නියැලෙන්නන්ගේ දැල් හා අනෙක් ආම්පන්න වල පැටලී සිටින සතුන් මුහුදු සර්පයන් ලෙස වැරදි අවබෝධයෙන් මරා දැමීම සිදු වේ. නමුත් තවමත් අප රටේ මොවුන්ගේ හොඳ ගහනයක් ඇති බැවින් IUCN රතු දත්ත වාර්තාවේ මෙම සර්ප විශේෂය Least Concern (LC) කාණ්ඩය යටතේ වර්ගීකරනය කරනු ලබයි.


කුණු දිය කළුවා සම්බන්ද විශේෂ කරුණු


1) Cerberus ගණ නාමය මෙම සර්පයන්ගේ හිසෙහි ස්වභාවය හේතුවෙන් යොදා ඇත. ග්‍රීක දේවකථා ශාස්ත්‍රය අනුව Cerberus යනු මළවුන්ගේ ලෝකයට යන ද්වාරය මුර කරන ඔලු තුනකින් යුත් සුනඛයෙක්ය. අතීත ග්‍රීක බසින් Rhunchos හා ops යනු හොඹුව හා මුහුණ යන අර්ථයන් වේ.


2) South Asian Bockadam යන නම තෙලුගු බසින් "bukkaḍamu" යන වචනයෙන් සෑදී ඇත. මෙහි තේරුම වන්නේ "දියෙහි සිටින සර්පයා" යන්නයි.


3) ඉන්දු-චීන අර්ධද්වීපයේ දී පරිනාමය වූ මෙම සර්ප විශේෂයේ නූතන පොදු ආදිතමයා (Recent Common Ancestor) වසර මිලියන 13.8 කට පමණ පෙර මයෝසීන යුගයේ වාසය කර ඇත.


4) 1796 දී Patrick Russell විසින් අඳින ලද රූප සටහනක් දර්ශක නිදර්ශකය ලෙස යොදා ගනිමින් 1799දී ෂ්නෛඩර් විසින් පළමුව විද්‍යාත්මකව විස්තර කොට ඇත.


5) Cerberus ගණයේ සර්පයන් භාහිර රූප විද්‍යාව මගින් පමණක් වෙනකොට හඳුනාගැනීම අපහසු වූ හේතුවෙන් කුණු දිය කළුවා 1799 සිට මේ වන තෙක් 11 වතාවක් වෙනස් සර්ප විශේෂයක් ලෙස විස්තරකොට ඇත.


සටහන - සංජය කණිෂ්ක



Comments

Post a Comment