Cuvier's Shieldtail/කුවියර්ගේ වල්ගා ඇබයා (Rhinophis philippinus-Cuvier, 1829)

Other Names- වෙනත් නම්
English Sinhala Tamil
Peters' Philippine Earth Snake

Typhlops philippinus CUVIER 1829: 74
Rhinophis Philippinus — DUMÉRIL & BIBRON 1854: 154
Rhinophis planiceps PETERS 1861: 17
Rhinophis planiceps — BEDDOME 1886: 6
Rhinophis planiceps — BOULENGER 1893: 141
Rhinophis planiceps — WALL 1921: 36
Rhinophis philippinus SMITH 1943: 91
Rhinophis philippinus — MCDIARMID, CAMPBELL & TOURÉ 1999: 139
Rhinophis philippinus — WICKRAMASINGHE et al. 2009
Rhinophis philippinus — WALLACH et al. 2014: 651





Rhinophis philippinus යන විද්‍යානාමය ඇසූ සැනින් ඔබට සිතෙනවා ඇති ශ්‍රී ලංකාවට ආවේණික සත්වයෙක් වුවත් පිලිපීනයට සම්බන්ද කර විශේෂ නාමය ලබා දී ඇත්තේ කවර හේතුවක් නිසාද යන්න. කුවියර්ගේ වල්ගා ඇබයා 1829 දී ප්‍රංශ ජාතික සත්වවෙදියෙක් වූ ජෝර්ජ් කුවියර් විසින් විදු ලොවට එක් කරන්නේ දර්ශක නිදර්ශකය එකතුකළ ස්ථානය වැරදි ලෙස පිලිපීනය ලෙස නම් කර තිබියදීය. කෙසේ නමුත් අදාළ නිදර්ශක යොදාගනිමින් 1861 දී පීටර්ස් විසින් Rhinophis planiceps ලෙස නව විශේෂයක්ද විස්තර කර ඇත. අද වන විට එය සමරුත් නාමයක් ලෙස සැලකුවත් ඇතැම් මුලාශ්‍ර වල Peter's Philippine Earth snake ලෙස නම සඳහන් වීමට හේතුව මෙයය. එලෙස පිලිපීනයට ආවේණික යැයි සැලකු කුවියර්ගේ වල්ගා ඇබයාගේ ව්‍යාප්තිය ශ්‍රී ලංකාවට සීමාවූ බවට  නිවැරදි වන්නේද පීටර්ස්ගේ පළකිරීම තුලින්ය. 


රෝම්බ්ස් ආකාරයෙන් ඇති සුමුදු කොරළ, උල් වූ හිස හා ඇබයක් වැනි වල්ගය යන ලක්ෂණ වලින් පහසුවෙන් හඳුනාගත හැකි මෙම සර්ප විශේෂය මධ්‍යම කඳුකරයේ හා සබරගමුව පළාතේ මුහුදු මට්ටමේ සිට 300 - 900 අතර ප්‍රදේශයන්ගේ ව්‍යාප්තව ඇත. දුඹුරු, දම් හෝ නිල් මිශ්‍ර කළු පැහැයක් පෙන්වයි. වල්ග පලිහ ගෝලාකාර ඇබයක් සේ සැකසී ඇත. මෙම කොටසේ ප්‍රෂ්ඨීයව කුඩා නෛතල්‍යක් වැනි නෙරුම් වල්ග අබයේ කෙලවර සිට මධ්‍ය දක්වා පිහිටයි. පාංශු වාසී සංචරනයටම පරිණාමිකව හිමි වූ උල් හිස බුරුල් පස තුලින් හාරා යෑමට උපකාරී වේ. දිවියෙන් වැඩි කලක් පාංශු වාසීව සිටින බැවින් අනෙක් සර්පයන්ගේ මෙන් අක්ෂි පිහිටා නොමැත. පාරගම්‍ය පටලයක් වැනි කොරළයකින් එය වැසී ඇත. පැහැදිළි ගෙලක් රහිතය. 

ගැඩවිලුන් ප්‍රධාන වශයෙන් ආහාරයට ගනී. වර්ෂාවත් සමග පොළව මතුපිටට පැමිණෙනු දැකිය හැක. ගෙවතු, කෘෂි භූමි හා වනාන්තර මෙන්ම තෘණ භූමි වල හමුවේ. නිසාචර සත්ව විශේෂයක් වේ. අන්ඩජලාබුජ තාව මගින් පැටව් බිහිකරන මෙම සතුන් වරකට පැටවුන් 2- 5ත් අතර බිහිකරයි. වැඩුන සතෙක් 25cm පමණ වේ. කලබල වූ විට ගුලිවී හිස සඟවා ගනී. කිසිවිටෙකට සපා කෑමට තැත් නොකරයි. මනිසා හා නිතර නොගැටුනත් පස් කැපීම , කෘෂි භූමි පිළියෙළ කිරීම් වැනි ක්‍රියාකාරකම් මෙම සතුන්ගේ පැවැත්මට ඇති තර්ජන සේ සැළකිය හැක. මේ වන විට රතු දත්ත සටහනේ වඳ වීමේ අවදානමට ලක් වූ සර්ප විශේෂයක් (Endangered) ලෙස නම්කොට ඇත.

කුවියර්ගේ වල්ගා ඇබයා සම්බන්ද විශේෂ කරුණු 


පරිණාමිකව ඉරි වකුටුල්ලා (Rhinophis phillipsi-Nicholls, 1929) හා කලු වකුටුල්ලා (Rhinophis melanogaster-Gray, 1858) හට ලගම නෑකම් දක්වයි 

සටහන - සංජය කණිෂ්ක




* Boulenger G. A. (1890) The fauna of British India including Ceylon and Burma, Reptilia and Batrachia. London: Taylor and Francis.
* Günther A. (1864) The reptiles of British India. London: Published for the Ray Society by Robert Hardwicke.
* de Silva A, Ukuwela K. (2017). A Naturalist's Guide To The Reptiles of Sri Lanka. Malaysia. Gulmohur Presss.
* Smith M. A. (1943) The fauna of British India, Ceylon and Burma including the whole of The Indo-Chinese Sub-region, Reptilia and Amphibia. Vol 3, Serpentes. Taylor & Francis, London.
* Wallach V., Williams K. L., Boundy J. (2014) Snakes of the World: A catalogue of living and extinct species. Taylor and Francis, CRC Press.
* Wall F. (1921). Ophidia Taprobanica or the Snakes of Ceylon. Governmental Press , Ceylon.
* Das, I. & de Silva, A. (2005) A photographic guide to snakes and other reptiles of Sri Lanka. New Holland publishers, London.
* Pyron, R.A., Kandambi, H.K.D., Hendry, C.R., Pushpamal, V., Burbrink, F.T. & Somaweera, R. (2013) Genus-level phylogeny of snakes reveals the origins of species richness in Sri Lanka. Molecular Phylogenetics and Evolution.
* Somaweera, R. (2006). Sri Lankawe Sarpayin ('The Snakes of Sri Lanka'). Wildlife Heritage Trust of Sri Lanka, Colombo.
* Wickramasinghe LJM (2012) The taxonomy and conservation status of the reptile fauna in Sri Lanka. In: Weerakoon DK & Wijesundara S (eds.) The National Red List 2012 of Sri Lanka; Conservation Status of the Fauna and Flora. Ministry of Environment, Colombo, Sri Lanka. Pp. 99–113.
* McDiarmid RW, Campbell JA, Touré T. 1999. Snake Species of the World: A Taxonomic and Geographic Reference, vol. 1. Herpetologists' League. 511 pp.
* Pyron R. A., Ganesh S. R., Sayyed A., Sharma V., Wallach V. & Somaweera R. 2016. A catalogue and systematic overview of the shield-tailed snakes (Serpentes: Uropeltidae).

Comments