Common Kukri Snake/අරණි දත්කැටියා (Oligodon arnensis-Shaw, 1802)

Other Names- වෙනත් නම්
English Sinhala Tamil
Banded kukri Snake

Coluber arnensis SHAW 1802: 526
Coluber russelius DAUDIN 1803 (fide SMIT H 1943)
Coronella Russelii — SCHLEGEL 1837: 79 (fide DUMÉRIL et al. 1854)
Simotes Russelii— DUMÉRIL, BIBRON & DUMÉRIL 1854: 628
Simotes albiventer GÜNTHER 1864 (fide SMITH 1943)
Simotes Russelii — JAN 1865
Simotes arnensis — BOULENGER 1890
Simotes arnensis — WALL 1908
Oligodon arnensis — WALL 1921: 231
Oligodon arnensis — SMITH 1943: 225
Oligodon arnensis — DAS 1996: 57
Oligodon arnensis — MURTHY 2010
Oligodon arnensis — WALLACH et al. 2014: 494



ශ්‍රී ලංකාවේ හමුවන දත්කැටියන් අතුරින් වඩාත් පහසුවෙන්ම වෙන්කර හඳුනාගත හැකි විශේෂය ලෙස අරණි දත්කැටියන් සඳහන් කල හැක. මෙම ඝනයට අයත් සර්පයන්ගේ දන්ත වින්‍යාසය ඉතා සුවිශේෂී වන්නේ නේපාලයේ හා උතුරු ඉන්දියාවේ වෙසෙන ගුර්කාවරුන් නම් ජන කොටස් භාවිතා කරන විශේෂ හැඩයෙන් යුත් කුක්රි පිහියක හැඩය ඇති දත් උඩු භාහුවේ පිහිටීම හේතුවෙන්ය. මෙලෙස මුඛයේ පිටුපසට වන්නට කුක්රි පිහියක හැඩයෙන් යුත් වක්වූ දන්ත වින්‍යාසයක් තිබීම හේතුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් "Kukri Snake" ලෙස දත්කැටියන් හැඳින්වීම සිදුවේ.

කෙටි සිලින්ඩරාකාර දේහය සුමට කොරල වලින් වැසී ඇත. හිස පැහැදිලිව ගෙලින් වෙන්වී නොමැත. ශරීරයේ ප්‍රධාන වර්ණයන්  දුඹුරු, කහ මිශ්‍ර දුඹුරු වැනි වර්ණ වන අතර ගොමකොළ වර්ණයෙන් හමුවන අවස්ථාද ඇත. පෘෂ්ඨීයව තද දුඹුරු හෝ කලු පැහැති හරස් පටි 10-25ක් පමණ සංඛ්‍යාවක් ගෙලෙහි සිට වල්ගය දක්වා පිහිටා ඇත. මෙම හරස්පටි ශරීරය දෙපසින් සිහින් වේ. අනෙක් දත්කැටි විශේෂ මෙන් අරණි දත්කැටියාගේත් හිසෙහි පෘෂ්ඨීයව ඇස් දෙක යා කෙරෙන රේඛාවක් ද හෝම්බුව දෙසට වන්නට තුඩ පිහිටන V අකුරේ හැඩයෙන් යුත් සලකුණු දෙකක් හෝ එකක් හිස මතුපිට හා හිසේ පිටිපසට වන්නට පිහිටා ඇත. පිටුපසින් ඇති සලකුණ ඝනකමින් හා විශාලත්වයෙන් වැඩිය. උදරීය පැහැය තනි සුදු වේ.

ශ්‍රී ලංකාවේ ඉහල කඳුකරය හැරුනුකොට අන් සියලු ප්‍රදේශවල ව්‍යාප්තියක් පෙන්නුම් කරයි. යාපනය අර්ධද්වීපයේ ඇති දූපත් වලින්ද වාර්ථා වී ඇත. ප්‍රධාන වශයෙන් භෞමික නිසාචර සර්පයෙක් වන අරණි දත්කැටියා දිවා කාලයේදී පොළව ඇතුලත පිහිටි ගුල්, දිරා යන ලී කොටන් හා ගල් කුහර වැනි අඳුරු සිසිල් ස්ථාන වල කාලය ගත කරයි. ගොම්මන් කාලය එළඹීමත් සමග මෙම සර්පයන් ඉතා ක්‍රියාශීලීව සංචරණය සිදුකරයි. මොවුන්ගේ ප්‍රධාන අහාර ලෙස කුඩා කටුස්සන් ,සිකනලුන් , හූනන් ,මකුළුවන් , කුඩා ගෙම්බන්, කුරුමිණි පිළවුන් ගොදුරු කරගන්නා අතර සුමට සිවියක් ඇති අනෙක් කුඩා සර්ප බිත්තර ඇතුළු උරග බිත්තර ආහාරයට ගත් අවස්ථාද වාර්තා වේ. මේ සඳහා පැතලි ස්වභාවයෙන් වක් වූ දන්ත වින්‍යාසය උපකාරී වේ. අරණි දත්කැටියන් ප්‍රජනනයේදී අන්ඩජතාවය දක්වයි. වරකට බිත්තර 3ත් 9ත් අතර සංක්‍යාවක් දමන අතර අලුත උපන් කුඩා පැටවුන් දිගින් 10cmක් තරම්ද වැඩුනු සතෙකු 60cm ක් තරම් දිගකින් යුක්ත වේ. තමාට තර්ජනයක් දැනුන විගස දඟරයක් ගැසී හිස ත්‍රිකෝනාකාරව පැතලි කරමින් සපාකෑමට තැත් කරයි. දැඩි ලෙස සිදුවන වන විනාශය, රාත්‍රියේ සිදුවන මාර්ග අනතුරු හා බිය හේතුවෙන් සිදුකරන ජීවිත හානි මොවුන්ට ඇති තර්ජන ලෙස දැක්විය හැක. IUCN රතු දත්ත වාර්තාවේ මෙම සර්ප විශේෂය Least Concern (LC) කාණ්ඩය යටතේ වර්ගීකරනය කරනු ලබයි.

අරණි දත්කැටියා සම්බන්ද විශේෂ කරුණු 

1) දත්කැටියන් අතුරින් දෙවනුවට විද්‍යාත්මකව විස්තර කරන ලද  විශේෂය වීම (1802 වසරේදී , පළමුව විද්‍යාත්මකව විස්තර කරන ලද්දේ 1801දී Oligodon octolineatus නම් විශේෂයයි)

2) මෙම සර්පයාගේ පළමු නිදර්ශකය දකුණු ඉන්දියාවේ Arni (දමිළ උච්චාරණය අනුව අරණි) ප්‍රදේශයෙන් සොයාගත් නිසා arnensis ලෙස විශේෂ නාමකරණය සිදුකර ඇත. සිංහල බසින්ද අරණි දත්කැටියා ලෙස හඳුන්වනේද මේ හේතුවෙන් විය හැක.


සටහන - සංජය කණිෂ්ක 


Comments

  1. මේ සර්පයා විශ එකෙක්ද?

    ReplyDelete
    Replies
    1. දන්නෙ නෑ. අද එකෙක් අහුවෙලා මැරුවා

      Delete
    2. Ai yako sarpayek dakka gaman, marana manasikathwayen inne umbala.

      Delete
    3. මෙයා නිර්විශ කෙනෙක්🙂 කොහොමත් සත්තු මරන එක වැරදී.

      Delete
  2. මේ සර්පයා නිර්විෂයි නේද?

    ReplyDelete
  3. Me saththu visada kiyala kohewath na ,math maruwa ekekwa , pau ithin., mewa liyanakota saththu visada kiyala liyanna. ilaga sarewath sathek hamba unoth berei, rathu daththa pothe kiuwata wadak na.

    ReplyDelete
    Replies
    1. බාගෙටද බන් පේන්නේ ලොකුවට තියෙන්නේ නිර්විෂ කියලා

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete

Post a Comment