Common Trinket Snake/කටකළුවා (Coelognathus helena-Daudin, 1803)

Other Names- වෙනත් නම්
English Sinhala Tamil
හබරලා/හබරලියා/හබරා

Coluber helena DAUDIN 1803: 277
Herpetodryas helena — SCHLEGEL 1837: 192
Cynophis bistrigatus GRAY 1849: 246
Plagiodon Helena — DUMÉRIL & BIBRON 1854: 170
Herpetodryas malabaricus JERDON 1854: 530 (fide BOULENGER 1894)
Cynophis helena — GÜNTHER 1858: 95
Cynophis helena — GÜNTHER 1859: 231
Cynophis helena — ANDERSON 1871: 174
Coluber helena — BOULENGER 1894: 36
Coluber helena — WALL 1921: 197
Elaphe helena — SMITH 1943: 149
Elaphe helena — DAS 1996: 56
Elaphe helena — SCHULZ 1996
Coelognathus helena — HELFENBERGER 2001
Coelognathus helena — UTIGER et al. 2002
Elaphe helena — AVADHANI 2005
Coelognathus helenus — JANZEN et al. 2007
Coelognathus helenae — BURBRINK & LAWSON 2007
Elaphe helena — MURTHY 2010
Coelognathus helena helena — THAKUR 2011
Elephe helena — FELLOWS 2015 (in error)
Coelognathus helena — WALLACH et al. 2014: 172




කටකළුවා යනු මිත්‍යාවන් රැසක් මගින් මිනිසුන් තුල කුතුහලය හා බිය ඇතිකල නිර්විෂ සර්පයෙකි. තම මුඛයේ අබ්‍යන්තර වර්ණය කළු පැහැයෙන් යුක්ත වන නිසා මෙම සර්පයා හට කටකළුවා යන නාමය ලැබී ඇති බව අපගේ විශ්වාසයයි.ශීත කාලගුණයක් ඇති ඉහල කඳුකරයේ හැර ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ වල ව්‍යාප්තවී සිටින කටකළුවන් වගාබිම් ආශ්‍රිතව හා මිනිස් වාසස්ථාන ආශ්‍රිතව සුලබව දැකගත හැකි සර්පයෙකි. හබරලියා ලෙසින්ද ඇතැමුන් හැඳින්වුවද ප්‍රාදේශීයව භාවිතා වන නම් වෙනස් වෙන හෙයින් නිවැරදි හඳුනාගැනීම් වලදී මෙම නම භාවිතා නොකරයි. හබරලා/ හබරලියා/ හබරා නමින් සර්පයන් කිහිප දෙනෙක් විවිද ප්‍රදේශ මට්ටමෙන් හඳුන්වනු ලබන අතර රජරට ආශ්‍රිත වියළි කලාපයේ මෙම නම් භාවිතා කරන්නේ උග්‍ර විෂ තෙල් කරවැලාටය. අනෙක් ප්‍රදේශ වල නිර්විෂ කටකලුවාටත් සුළු විෂ කබර මාපිලාත් හැඳින්වීම සඳහා භාවිතා වේ. කටකළුවන් පිලිබඳ සමාජයේ ඇති විශාලම මිත්‍යාව වන්නේ මොවුන් නාගයා හා ගැරඬියන් එකතුවීමෙන් සෑදෙන සර්ප විශේෂයක් බව යන්නයි. වෙනස් ඝන දෙකක සර්පයන් කිසිවිටෙක ප්‍රජනනය සිදු නොකරන අතර කටකළුවා අයත් Coelognathus ඝනයේ සර්පයන් අප රට හැරුනකොට ආසියාවේ අනෙක් රටවල ව්‍යාප්ත වී සිටී. කටකළුවන් 130cm පමණ දිගකට වර්ධනය වන නිසාත් ශරීරයේ පූර්ව කොටසේ හරස් පටිවල සුදු පුල්ලි පිහිටීමත් අපර කොටසේ කිසිදු හරස් පටියක් නොමැතිව ද්වීපාර්ශවිකව දිවෙන දුඹුරු පැහැ රේඛා දෙකක් පමණක් පිහිටීමත් වැනි ලක්ෂණ හේතු කොට ගෙන මෙම මිත්‍යාව ගොඩනැගී ඇතිබව විශ්වාස කල හැක.

ප්‍රධාන වශයෙන් නිසාචර සර්පයෙකු වුවත් දහවල් කාලයේද සුළු වශයෙන් සංචරණය කරනු දැකිය හැක. භෞමික සර්පයෙක් වන කටකළුවා මද උසක් ඇති ගස් වලද ඇතැම්විට දැකගත හැක. පෘෂ්ඨිමත් මධ්‍යම ප්‍රමාණයේ සිලින්ඩරාකාර දේහය සුමට කොරල වලින් වැසී ඇත. තරමක් ගෙලින් වෙන්වූ හිස තරමක් දිගැටි ආකාරයෙන් යුක්ත වේ. පෘෂ්ඨීය වර්ණය දුඹුරු පැහැතිය. ශරීරයේ පූර්ව කොටසේ සිට මාද්‍ය දේහය දක්වා ඇති කළු පැහැ හරස් පටිවල සුදු පුල්ලි දෙක බැගින් ශරීරයේ දෙපස පිහිටයි. ශරීරයේ පෘෂ්ඨීයව ද්වීපර්ශවිකව ඇති දුඹුරු පැහැ රේඛාවන් යුගල ශරීරයේ අපර කොටසට යැමත් සමග (කළු හරස් පටි නැතිවී යාමත් සමග) තද දුඹුරු වර්ණයක් ගනී. මේ හේතුවෙන් නැට්ට ප්‍රදේශය උදරීයව සුදු පැහැයෙනුත් ඉන්පසු තද දුඹුරු පැහැයෙනුත් පෘෂ්ඨීයව ලා දුඹුරු පැහැයකුත් ගනී. රව්ම් කණිනිකාවක් සහිත සාමාන්‍ය ප්‍රමාණයේ ඇසක් ඇත. ඇතැම් සතුන්ගේ ඇසට යටින් හෝ ඇස පසුපසින් සිහින් කළු රේඛාවක් 7වන හෝ 8වන අධ්‍යදර (උඩු තොල් කොරල) කොරල තෙක් පිහිටයි. හිසේ පසුපසින්ද කළු පැහැ රේඛා යුගලක් පළමු හරස්පටිය තෙක් ඇතැම් සතුන්ගේ පිහිටයි.

මොවුන්ගේ ප්‍රධාන අහාරය වන්නේ මීයන් වැනි කුඩා ක්‍ෂීරපායි සතුන් හා ගෙම්බන් වැනි උභය ජීවීන්ය. මීට අමතරව කටුස්සන් වැනි සතුන්ද මත යැපෙන අවස්ථාද ඇත. ක්ෂීරපායීන් වැනි සතුන්ව වෙලා සංකූචනය කර ගිල දමයි. කටකළුවන් තමාට තර්ජනයක් දැනුන විගස පලා යෑමට උත්සාහ කරයි. යම් හෙයකින් එය අසාර්ථක වුවහොත්, දඟරයක් ලෙස ශරීරයේ ඉදිරි පෙදෙස සකසා ගෙල ප්‍රදේශය පුම්බා තම කළු පැහැති මුඛය විවර කර අනතුරු හැඟවීමක් සිදු කරයි. ප්‍රජනනයේදී අන්ඩජතාව දක්වන මොවුන් වරකට බිත්තර 6-12ත් අතර සංඛ්‍යාවක් මී ගුල්, පස් කන්ඩි වැනි අඳුරු ස්ථානයක බිජුලෑම සිදුකරයි. උපතේදී පැටවෙක් දිගින් 20cm -25cm අතර දිගකින් යුක්ත වන අතර වැඩුන සතෙක් 100cm තරම් විශාලව වැඩේ. වගාබිම් ආශ්‍රිතව මෙම සර්පයා සිටීම ඉතා හිතකර වන්නේ වගාවට හානිකරන මීයන් වැනි සතුන්ගේ ගහනය ස්වභාවයෙන්ම පාලනය කල හැකි සතෙක් බැවිනි. නමුත් කටකළුවාගේ අනතුරු හැඟවීමේ ආරක්‍ෂිත ඉරියව්ව නිසා විෂ සහිත සර්පයෙක් යැයි වරදවා මරාදැමීම් මෙම සතුන්ගේ පැවැත්මට ඇති විශාලම තර්ජනයක්ය. මීට අමතරව මාර්ග අනතුරු හා ගෘහාශ්‍රිත සතුන්ගෙන් වන හානි මෙම සර්පයාගේ පැවැත්මට ඇති තර්ජන වලින් කිහිපයක් වේ. දිවයින පුරා ව්‍යාප්තවී සිටින සර්පයෙක් හෙයින් ඉතා හොඳ සංරක්ෂණ තත්වයක් පෙන්නුම් කරයි. රතු දත්ත වාර්තාවේ Least Concern (LC) කාණ්ඩයට අයත් සර්පයෙක් සේ සලකයි.

කටකළුවා සම්බන්ද විශේෂ කරුණු 

1) ග්‍රීක දේවකථා ශාස්ත්‍රය අනුව  Zeus නම් දෙවියන්ගේ දුව සහ Menelaus රජුගේ භාර්යාවක් වූ රූමත් Helen දෙවඟන සිහිවීම සඳහා Coelognathus helena ලෙස නම් කර ඇත.

සටහන - සංජය කණිෂ්ක



Comments