- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
Other Names- වෙනත් නම් | ||
English | Sinhala | Tamil |
Ceylon Cat Snake |
Dipsadomorphus ceylonensis GÜNTHER 1858: 176
Dipsas ceylonensis — GÜNTHER 1864
Dipsadomorphus beddomei WALL 1909 (fide SMITH 1943)
Dipsadomorphus ceylonensis — WALL 1909: 152
Dipsadomorphus ceylonensis — WALL 1921: 278
Boiga andamanensis — WALL 1924 (fide SMITH 1943)
Boiga ceylonensis — SMITH 1943: 351
Boiga ceylonensis — DAS 1996: 54
Boiga ceylonensis — GROEN 2008
Boiga ceylonensis — WALLACH et al. 2014: 102
Dipsas ceylonensis — GÜNTHER 1864
Dipsadomorphus beddomei WALL 1909 (fide SMITH 1943)
Dipsadomorphus ceylonensis — WALL 1909: 152
Dipsadomorphus ceylonensis — WALL 1921: 278
Boiga andamanensis — WALL 1924 (fide SMITH 1943)
Boiga ceylonensis — SMITH 1943: 351
Boiga ceylonensis — DAS 1996: 54
Boiga ceylonensis — GROEN 2008
Boiga ceylonensis — WALLACH et al. 2014: 102
නිදි මාපිලා අප රටේ හමුවන මාපිල් විශේෂ 5 අතුරින් සුලබව හමුවන මාපිල් විශේෂයයි.ඉතා සුළු විශක් සහිත නිදි මාපිලා වටා බොහෝ මිත්‍යා කතාවන්ද අතීතයේ සිටම ගොඩනැගී ඇත.ඉතා අලස සර්පයකු වන නිදි මාපිලා එක තැනක එක් ඉරියවුවකින් බොහෝවේලාවක් නිසොල්මන්ව සිටින බැවින් නිදි මාපිලා යනුවෙන් හදුන්වන්වයි.මෙම සර්පයා දෂ්ට කිරීමෙන් දීර්ඝ නින්දකට පත්වී මියයනබවද,සුව වූවත් සැමවිට නිදිමත දැනෙන බවද අතීතයේ සිට පැවතෙන මිත්‍යා කතාවන් වෙයි.මෙහි කිසිදු සතය තාවයක් නොමැත.තවද මාපිලුන් මැරුවහොත් හත් දෙනෙකු පැමිණෙන බව කියන කතාවන් තුලද යම් සත්ය තාවයක් පෙනුනද එය සියයට සියයක් නිවැරදි නොවෙයි. සර්පයකු මරනවිට සිරුරෙන් නිකුත්වන ''පෙරෝමෝන'' නිසා එය ආඝ්‍රාණයවන එම විශේෂයේ සර්පයින් සර්පයා මළ ස්ථානයට පැමිණෙයි.එසේ පැමිණෙන සර්පයන් ගනන 7ක් ලෙස පැවසීම සාවද්යය.ඊට හේතුව ගන්ධය ආඝ්‍රාණය වන සීමාවේ සිටින එම විශේෂයේ සියළු සර්පයන් පැමිණිය හැකි බැවිනි.එමනිසා මෙම ගණන අඩු හෝ වැඩිවිය හැක.පොදුවේ මාපිලුන් පිළිබඳව ගෙතී ඇති මෙවැනිකතාවන් මිත්‍යා කතාවන් විනා ඒ තුළ විදයාත්මක වශයෙන් කිසිදු සතයතාවයක් නොමැත.
නිදි මාපිලා රාත්‍රියට ක්‍රියාශීලී නිශාචර සර්පයෙකි.රුක්වාසී සර්පයෙකු වන බැවින් වලිගය හා සිහින් දිගැති සිරුර ගොදුරු අල්ලා ගැනීමේදී උපකාරීවෙයි.වනලැහැබ,ලඳුකැලෑ
අපරටේ බොහෝ පළාත්වල වෙසෙන නිදි මාපිලා විශාලවශයෙන් මිනිසුන් විසින් මරණයට පත්කිරීම නිසා ගහනය අඩුවෙමින් පවතී.ලංකාවේ හමුවන මාපිල් විශේෂ පහෙන් "කහ මාපිලා සහ පඳුරු මාපිලා" වනාන්තර තුල වෙසෙන බැවින් මිනිසුන්ට හමුවන්නේ කලාතුරකිනි.එනමුත් "රෑන් මාපිලා,නාග මාපිලා/ලේ මාපිලා සහ නිදි මාපිලා"යන තිදෙනා නිවෙස් හෝ ගෙවතු ආශ්‍රිතව බොහෝ විට මරණයට පත්වෙයි.ඔබ නිවසට හෝ ගෙවත්තට පැමිණෙන මෙවැනි මාපිලුන් කලබල නොකොට තරමක් දිග ලී දඩුවකින් ඉවත්කොට සුදුසු ස්ථානයකට මුදා හැරීමේ පහසුව ඕනෑම කෙනෙක් සතුව ඇත.ප්‍රකෝප නොකොට ශරීරය මැදින් හෝ වලිගයෙන් අල්වා වුවද සාමාන්ය කෙනෙකුට මොවුන් ඉවත් කිරීමේ හැකියාව ඇත.පොදුවේ සර්පයන්ට දක්වන අනිසි බිය හා පිළිකුල නිසා මෙවැනි අහිංසක සතුන් නිරපරාදේ මරු මුවට පත්වෙති.මෙවැනි සතුන් රැකගනීම මිනිසුන් වන අපගේ වගකීමකි,මනුසත් කමකි.
සටහන - ගයාන් ප්‍රසංග
- Get link
- X
- Other Apps
Comments
බොහොම ස්තුතියි.
ReplyDeleteThanx
ReplyDelete