Large Shieldtail/මහ බිංඋල්ලා (Rhinophis saffragamus-Kelaart, 1853)

Other Names- වෙනත් නම්
English Sinhala Tamil
Mandalay Pambu

Uropeltis philippinus CUVIER 1829 (nomen nudum)
Uropeltis philippina — WAGLER 1830 (nomen nudum)
Uropeltis philippinus MÜLLER 1832: 252
Uropeltis philippinus — EYDOUX & GERVAIS 1837
Pseudo-typhlops philippinus SCHLEGEL 1839
Uropeltis saffraganus KELAART 1853
Uropeltis saffragamus [sic] — KELAART 1854: 27
Uropeltis grandis KELAART 1853
Uropeltis pardalis KELAART 1853
Uropeltis philippinus — DUMÉRIL & BIBRON 1854: 161
Uropeltis grandis — GRAY 1858: 378
Uropeltis pardalis — GRAY 1858: 378
Uropeltis ? philippinus — GRAY 1858: 378
Uropeltis philippinus — JAN 1865
Uropeltis grandis — BEDDOME 1886: 9
Uropeltis grandis — BOULENGER 1893: 139
Uropeltis grandis — WALL 1921: 26
Pseudotyphlops philippinus — SMITH 1943: 93
Pseudotyphlops philippinus — MCDIARMID, CAMPBELL & TOURÉ 1999: 135
Pseudotyphlops philippinus — KARUNARATHNA & AMARASINGHE 2011
Pseudotyphlops philippinus — WALLACH et al. 2014: 608
Rhinophis saffragamus — PYRON et al. 2016 (replacement name)




අනෙකුත් තුඩුල්ලන්/වල්ගා ඇබයන් හා සැසදීමේදී ශරීර විෂ්කම්භය අතින් විශාලව වර්දනය වන විශේෂයක් ලෙස මහ බිංඋල්ලා සැලකිය හැක. එම හේතුව නිසාත් පාංශු වාසී ජීවන රටාවක් ගත කරන බැවිනුත් මෙම විශේෂය එනමින් හැඳින්වීමට මිනිසුන් පුරුදුවී ඇති බව අපගේ විශ්වාසයයි. ශරීර ස්වභාවය නිරීක්ෂණය තුලින් ඉතා පහසුවෙන් මෙම සර්පයා හඳුනාගත හැකි වන්නේ ආවේණික වූ වල්ගයක් පිහිටන බැවින්ය. වල්ගය මධ්‍ය දේහයේ ප්‍රමාණයටම සෑදී ඇති අතර කෙලවර ආනතව කපා දැමූවාක් සේ පැතලිව පිහිටයි. මෙය පලිහක ආකාරයෙන් පිහිටන බැවින් මෙම සර්පයන්ට ඉංග්‍රීසි භාෂාවෙන් "Shield-tail Snakes" ලෙස හඳුන්වයි.

පෘෂ්ඨිමත් සිලින්ඩරාකාර දේහයක් හිමි මහ බිංඋල්ලා ප්‍රධාන වශයෙන් තද දුඹුරු පැහැයෙන් හමුවේ. කුඩා පැටවුන්ගේ කහ පැහැති  තරමක් විශාල පුල්ලි අක්‍රමවත්ව ශරීරය පුරා විසිරී ඇත. ශරීරයට ආලෝකය ලැබුන විට අලංකාරව දේදුණු පැහැයක් (iridescent) ගනී. හිස පෘෂ්ඨෝධරීයව පැතලි වන අතර පැහැදිළි ගෙලක් රහිතය. වල්ග පලිහේ කුඩා නෙරීම් වැනි ගැටිති දක්නට ඇත. මෙම ගැටිති වල්ග පලිහේ දාරය වටා හා මධ්‍යව කැපීපෙනෙන සේ දක්නට ඇත. උදරීය පැහැය කහ මිශ්‍ර දුඹුරු හෝ ලා දුඹුරු පැහැයක් ගනී.

නිසාචර පාංශුවාසී සර්පයෙක් වන මහ බිංඋල්ලා බුරුල් පස තුල හා හියුමස් සහිත පස අසල ගැවසීමට ප්‍රිය කරයි. අහාර ලෙස ගැඬවිලුන් වැනි පාංශු වාසීන් ද කෘමි සතුන්ද ආහාරයට ගනී. අන්ඩජලාබුජතාව මගින් වර්ගයා බෝ කරන බව සොයාගෙන තිබුනද ප්‍රජනනය සම්බන්දව ඇති තොරතුරු සීමිතය. උපතේදී පැටවෙක් 10cm තරම් වන අතර වැඩුන සතෙක් 30cm තරම් වේ.  අවශිෂ්ට (Relict) විශේෂයක් වන මොවුන් දිවයිනේ වියළි කලාපයේ, තෙත් කලාපයේ (ඉහළ කඳුකරයේ හැර) හා අතරමැදි කලාප වල මුහුදු මට්ටමේ සිට 1035m තරම් ඉහලින් ඇති පරිසර පද්ධති වල ව්‍යාප්ත වී සිටී. කෘෂි ඉඩම් ආශ්‍රිතව සිදු කෙරෙන පස් කෙටීම්, පස බුරුල් කිරීම් වැනි ක්‍රියාකාරකම් හා ගෘහාශ්‍රිත සතුන්ගේ ගොදුරු බවට පත්වීම මෙම සර්පයන්ගේ පැවැත්මට දැඩි ලෙස බලපාන කරුණුය. 2012 IUCN  රතු දත්ත වාර්තාවේ වඳවී යාමේ තර්ජනයට ලක් වූ (Endangered (EN)) කාණ්ඩයට අයත් සර්පයෙක් සේ නම් කර ඇත.

මහ බිංඋල්ලා සම්බන්ද විශේෂ කරුණු 

1) මෙම සර්ර්පයාගේ අතීත නිදර්ශක වලින් බොහොමයක් (බොහෝ විට පළමු නිදර්ශකය ඇතුළුව) සබරගමුව පළාත තුලින් හමුවීම නිසා Rhinophis saffragamus ලෙස හැඳින්වීමට අතීත කතුවරුන් (Kelaart -1853) මෙන්ම වර්ථමාන කතුවරුන්ද (Pyron et al. 2016) තීරණය කර ඇත. (saffragam යනු අතීතයේ පෘතුගීසින් විසින් සබරගමුව හැඳින්වීමට භාවිතා කල නමයි.)

2) Rhinophis ඝනයේ සිටින සර්පයන් අතුරින් තුන්ඩ කොරලය මගින් නාස් කොරලය සම්පුර්ණයෙන්ම බෙදා වෙන් නොවෙන එකම විශේෂය වීම (Pyron et al. 2016).

3) Pyron et al. 2016 - A catalogue and systematic overview of the shield-tailed snakes (Serpentes: Uropeltidae) විද්‍යා පත්‍රිකාව මගින් මෙම විශේෂය Pseudotyphlops ඝනයේ සිට Rhinophis ඝනයට එක් කොට විස්තර කර තිබුනත් , එහි ඇති අවිනිශ්චිත බව නිසා අනාගතයේදී මෙම නම නැවත වෙනස් විය හැක.

සටහන - සංජය කණිෂ්ක



* Boulenger G. A. (1890) The fauna of British India including Ceylon and Burma, Reptilia and Batrachia. London: Taylor and Francis.
* Günther A. (1864) The reptiles of British India. London: Published for the Ray Society by Robert Hardwicke.
* de Silva A, Ukuwela K. (2017). A Naturalist's Guide To The Reptiles of Sri Lanka. Malaysia. Gulmohur Presss.
* Smith M. A. (1943) The fauna of British India, Ceylon and Burma including the whole of The Indo-Chinese Sub-region, Reptilia and Amphibia. Vol 3, Serpentes. Taylor & Francis, London.
* Wallach V., Williams K. L., Boundy J. (2014) Snakes of the World: A catalogue of living and extinct species. Taylor and Francis, CRC Press.
* Wall F. (1921). Ophidia Taprobanica or the Snakes of Ceylon. Governmental Press , Ceylon.
* Das, I. & de Silva, A. (2005) A photographic guide to snakes and other reptiles of Sri Lanka. New Holland publishers, London.
* Pyron, R.A., Kandambi, H.K.D., Hendry, C.R., Pushpamal, V., Burbrink, F.T. & Somaweera, R. (2013) Genus-level phylogeny of snakes reveals the origins of species richness in Sri Lanka. Molecular Phylogenetics and Evolution.
* Somaweera, R. (2006). Sri Lankawe Sarpayin ('The Snakes of Sri Lanka'). Wildlife Heritage Trust of Sri Lanka, Colombo.
* Wickramasinghe LJM (2012) The taxonomy and conservation status of the reptile fauna in Sri Lanka. In: Weerakoon DK & Wijesundara S (eds.) The National Red List 2012 of Sri Lanka; Conservation Status of the Fauna and Flora. Ministry of Environment, Colombo, Sri Lanka. Pp. 99–113.
* McDiarmid RW, Campbell JA, Touré T. 1999. Snake Species of the World: A Taxonomic and Geographic Reference, vol. 1. Herpetologists' League. 511 pp.
* Pyron R. A., Ganesh S. R., Sayyed A., Sharma V., Wallach V. & Somaweera R. 2016. A catalogue and systematic overview of the shield-tailed snakes (Serpentes: Uropeltidae).

Comments