- Get link
- X
- Other Apps
Wickramasinghe's Bronzeback/වික්‍රමසිංහලාගේ හාල්දණ්ඩා (Dendrelaphis wickrorum Danushka, Kanishka, Amarasinghe, Vogel & Senevirathna, 2020)
- Get link
- X
- Other Apps
Other Names- වෙනත් නම් | ||
English | Sinhala | Tamil |
Komberi Mookan |
Dendrophis bifrenalis Wall, 1921
Ahaetulla bifrenalis Smith, 1943
Ahaetulla bifrenalis Taylor, 1950
Dendrelaphis wickrorum Danushka et al.2020
Ahaetulla bifrenalis Smith, 1943
Ahaetulla bifrenalis Taylor, 1950
Dendrelaphis wickrorum Danushka et al.2020
ශ්‍රී ලංකාවේ හමුවන හාල්දණ්ඩන් අතුරින් පඳුරු හාල් දණ්ඩන් තෙත් හා වියළි කලාපයන්
දෙකෙහිම හමුවන විශේෂයකි. මෙම විශේෂයේ සතුන් අතර රූප විද්‍යාත්මක සාධක වෙනස් ගහණ
දෙකක් සිටින බව පර්යේෂකයන් මෑත කාලීනව සොයාගෙන ඇත. ඒ ඔස්සේ සිදුකරන ලද
පර්යේෂණයන්ට අනුව පඳුරු හාල් දණ්ඩා සැබවින්ම විශේෂ දෙකක් බව තහවුරු කරගැනීමට
පර්යේෂකයන්ට හැකි විය. මේ අනුව තෙත් කලාපයට පමණක් ආවේණික ගහණය වික්‍රමසිංහලාගේ
හාල්දණ්ඩා ලෙස විස්තර කර ඇත.
හාල්දණ්ඩන් අයත් Dendrelaphis ඝනයේ බොහොමයක් සර්පයන්ගේ ශරීරයේ අපර කොටස පෘෂ්ඨීයව
ලෝකඩ පැහැවන නිසා ඉංග්‍රීසි භාෂාවෙන් "Bronzeback / Bronzeback Tree Snake"
ලෙස හඳුන්වයි. මෙම විශේෂයේ දිගු සිහින් සිරුර සුමට කොරල වලින් වැසී ඇත.
කෂේ කොරළ පෙළ පාර්ශවිකව ඇති කොරල වලට වඩා ප්‍රමාණයෙන් විශාලය. පැහැදිළිව හිසෙන් වෙන් වී ඇති දිගැටි හිස පැතලි ස්වභාවයක් ගනී. බොහෝ රුකවාසී
සර්පයෝන්ගේ මෙන් හාල්දණ්ඩන්ටද හිසට සාපේක්ෂව විශාල ප්‍රමාණයේ ඇස් පිහිටා ඇත.
අන්තර් නාස් කෝරළයේ සිට ඇස හරහා ගෙල දෙසට වන්නට කළු පැහැති රේඛාවක් හිසේ
පාර්ශවිකව පිහිටයි. හිස පෘෂ්ඨීයව ලා කොළ හෝ ගොම කොළ පැහැයක් ගනී. කූල් ගේ
හාල්දණ්ඩා හා තුරු හාල්දණ්ඩාට වඩා හිස ප්‍රෂ්ඨඋදරීයව පැතලිය. ශරීරයේ හිසේ සිට තරමක් මධ්‍යයට යන්න කොරල වල යටි දාරය නිල් පැහැතිය. ගොදුරක් ගිලින විට හා බිය වූ අවස්තාවක ශරීරය පිම්බීමේදී
මෙම නිල් පැහැය පැහැදිළිව දැකගත හැක. පාර්ෂ්වඋදරීයව සුදු / ක්‍රීම් පැහැති රේඛාවක් ශරීරයේ දෙපසම නැට්ට තෙක් දිව යයි. පිරිමි සතුන්ගේ මෙම රේඛාව නැට්ට ප්‍රදේශයේ වඩා පැහැදිළිව දිස්වේ. ශරීර වර්ණය ප්‍රධාන වශයෙන් තඹ පැහැතිය. කේෂ කොරළ තරමක් ලා තඹ පැහැයක්
ගනී. උදරීයව ලා කොළ හෝ කොළ මිශ්‍ර කහ වර්ණයක් ගනී.
දිවාචර සංචරනය පෙන්වන හාල්දණ්ඩන් ඉතා වේගවත් ලෙස අතුපතර ගමන් කිරීමට තම සිහින්
සිරුර උපයෝගීකර ගනී. දහවල් කාලයේ ඉතා ක්‍රියාශීලී මෙම විශේෂය තෙත් කළාපයට සීමා වී ඇති අතර ඉතා ඝන කැලෑ හා මද
වශයෙන් ගස් වැල් ඇති ස්ථාන වල මෙන්ම ගෙවතු ආශ්‍රිතවද දැකගත හැක. කුඩා කුරුල්ලන්,
කටුස්සන්, හූනන් හා ගෙම්බන්, පඳුරු මැඩියන් ආහාර ලෙස ගැනීමට වැඩි ප්‍රියතාවක්
දක්වයි. ඉතා අවධානයෙන් සිටින සර්පයෙක් වන අතර බිය වූ විට ශරීරයේ පෙර කොටස පුම්බා
තමා විශාල සතෙක් ලෙස හඟවයි. මේ අයුරින් අනතුරු ඇඟවීමේදී කොරල ඈත් වන හෙයින්
අන්තර් කොරළ සම නිල් පැහැයෙන් දිස්වේ. ප්‍රජනනයේදී අණ්ඩජතාව දක්වන මොවුන් කොළරොඩු හා ගස්බෙන වැනි අඳුරු ස්ථානයක බිජුලෑම
සිදුකරයි. උපතේදී පැටවෙක් දිගින් 15cm පමණ දිගකින් යුක්ත වන අතර වැඩුන සතෙක් 90cm
තරම් විශාලව වැඩේ. දැඩි ලෙස සිදුවන වන විනාශය, මාර්ග අනතුරු හා අනිසි බිය නිසා
සිදුකරන ජීවිත හානි මොවුන්ට ඇති තර්ජන ලෙස දැක්විය හැක.
පඳුරු හාල්දණ්ඩාගෙන් වෙන් කරගත හැකි ලක්ෂණ
- සාපේක්ෂව විශාල ඇස
- ඇසේ සිට නාස්පුඩුවට ඇති දුර, ඇසේ විෂ්කම්භයට වඩා අඩු හෝ සමාන වීම
- ඇස හරහා දිවෙන කළු පැහැ ද්වීපාර්ශවික රේඛාව හිස කෙලවර වන තෙක් හෝ ගෙලෙහි මද දුරකින් අවසන් වේ.
- ගෙල ප්‍රදේශයේ ඉතා අපැහැදිලි පාර්ශවික ඇල රේඛා සුළු ප්‍රමාණයක් හෝ සම්පුර්ණයෙන් නොපිහිටයි. (පැටවුන්ගේ තරමක් පැහැදිලිය)
- හොඹුව දෙසට වන්නට පටු හා උල් ස්වභාවයක් ගන්නා හිස
වික්‍රමසිංහලාගේ හාල්දණ්ඩා පිලිබඳ විශේෂ කරුණු
1) ශ්‍රී ලංකාවේ සත්ව විද්‍යාව සඳහා නව විශේෂ රාශියක් හා වඳවී ගියා යැයි සැලකු සතුන් නැවත සොයාගනිමින් විශේෂයෙන්ම උරග හා උභයජීවී විද්‍යාව වෙනුවෙන් කැප වී පර්යේෂණ සිදු කරන ජේෂ්ඨ විද්‍යාඥ යුවල වන මෙන්ඩිස් වික්‍රමසිංහ හා ඔහුගේ බිරිඳ නෙතූ වික්‍රමසිංහ සඳහා ගෞරවයක් ලෙස මෙම විශේෂය නාමකරණය කර ඇත.
2) පරිණාමිකව පඳුරු හාල්දණ්ඩාට (Dendrelaphis bifrenalis) ලඟම නෑකම් දක්වයි
3) පඳුරු හාල්දණ්ඩාට සාපේක්ෂව විශාල අක්ෂි පරිණාමය වී ඇත්තේ අඳුරු බැවින් වැඩි තෙත් කලාපීය වනාන්තර ආශ්‍රිතව සිටින නිසා බව විශ්වාස කරයි
සටහන - සංජය කණිෂ්ක
Comments
meyage ange issaraha kotasei pitipasse kotasei pehedili pulli venasak thiyenavada ?
ReplyDeletemn adahas kale issaraha kotase pullithiyenava ,aai meda hariye indan thada duburu paata vage...?