රදනකයින් කරවැලුන්ගෙන් වෙන් කර හඳුනාගැනීම

ශ්‍රී ලංකාවේ හමුවන රදනක විශේෂ වලින් කිහිපයක් පමණක් උග්‍ර විෂ කරවැලුන්ගේ රූපවිද්‍යාවට සමානකමක් පෙන්වයි. මේ අතුරින් දාර රදනකයා, අළු රදනකයා හා ගැට රදනකයා ප්‍රධාන තැනක් ගනී. මෙම සතුන් තුන් දෙනා පිලිවෙලින් පෙළගැන්වුවහොත් දාර රදනකයා බොහෝ දුරට සමාන කමක් දක්වන්නේ මුදු කරවැලාටය. මෙම සතුන් දෙදෙනාම තෙත් කලාපයට සීමා වීම හා නිසාචර වීම නිසා රාත්‍රියේදී හමුවිය හැක.

දාර රදනකයා මුදු කරවැලාගෙන් වෙන් කර හඳුනාගැනීම.

1) කොරල මගින්

(වම් පස - මුදු කරවැලාගේ සුමට දිළිසෙන කොරල හා ෂඩාශ්‍රාකාර කේෂ කොරල , දකුණු පස - දාර රදනකයාගේ කුඩා රළු කොරල)

සැබෑ කරවැලුන්ගේ කේෂ කොරල පෙළ ෂඩාශ්‍රාකාර හැඩයෙන් යුතු අනෙක් කොරල වලට සාපේක්ෂව විශාලව පිහිටයි. නමුත් දාර රදනකයාගේ කොරල කුඩා වන අතර කීලකයක් සතිතව රළු ස්වභාවයෙන් දිස්වේ. මතුපිට දිලිසීමද අවමය.

අළු රදනකයා කරවැලුන්ගෙන් වෙන්කර හඳුනාගැනීම

කොරල මගින්

(වම් පස - කරවැලාගේ සුමට දිළිසෙන කොරල හා ෂඩාශ්‍රාකාර කේෂ කොරල , දකුණු පස - අළු රදනකයාගේ කුඩා සම ප්‍රමාණයෙන් ඇති කොරල)

සලකුණු මගින්


A - මුදු කරවැලාගේ හරස් පටි පිහිටන ආකාරය
B - තෙල් කරවැලාගේ යුගල වශයෙන් හරස්පටි පිහිටන ආකාරය
C - අළු රදනකයාගේ හරස්පටි පාර්ශවිකව බෙදී ත්‍රිකෝණාකාරව දිවෙන ආකාරය

Comments

Post a Comment