Sri Lankan Green Pit Viper/පළා පොළඟා (Trimeresurus trigonocephalus-Donndorff, 1798)

Other Names- වෙනත් නම්
English Sinhala Tamil
Ceylon Green Pit Viper Kopi Viriyan, Pachchai Viriyan

Vipera trigonocephala LATREILLE in SONNINI & LATREILLE 1801: 332
Trigonocephalus nigromarginatus KUHL 1820 (fide SMITH 1943)
Megaera olivacea GRAY 1842 (fide SMITH 1943)
Megaera trigonocephala — GÜNTHER 1859: 231
Trimeresurus capitetriangulatus
Lachesis trigonocephalus — BOULENGER 1896
Trimeresurus trigonocephalus — GÜNTHER 1864
Trimeresurus trigonocephalus — SMITH 1943: 506
Trimeresurus trigonocephalus — WELCH 1994: 117
Trimeresurus trigonocephalus — MCDIARMID, CAMPBELL & TOURÉ 1999: 347
Trimeresurus trigonocephalus— TU et al. 2000
Trimeresurus trigonocephalus — MALHOTRA & THORPE 2004
Trimeresurus (Craspedocephalus) trigonocephalus — DAVID et al. 2011
Craspedocephalus trigonocephalus — WALLACH et al. 2014: 188




ලක්වාසී පොළොන් විශේෂ අතුරින් එකම රුක්වාසී විශේෂය ලෙස පළා පොළගා හැඳින්විය හැක. පළා වන් (කොළ) පැහැයෙන් යුත් ශරීරයකට හිමිකම් කියන හෙයින් පළා පොළගා ලෙස නමක් ලබා ඇති මෙම සර්පයා ශ්‍රී ලංකාවේ සර්පයන් නිරූපනය කිරීමටද භාවිතා කරන ලොව ප්‍රචලිත සර්පයෙක් වේ. ශ්‍රී ලංකාවේ ඉහළ කඳුකරය හා ශුෂ්ක කලාප හැරුණකොට වියළි කලාපයේ සිට මධ්‍යම කඳුකරය , පහත රට තෙත් කලාපය වැනි ප්‍රදේශ වල ව්‍යාප්ත වී සිටී. පරිසරයට අනුවර්ථනය වීම සඳහා වියළි කලාපයේ හමුවන ගහණය වර්ණයෙන් තරමක් ලා පැහැ වන අතර තෙත් කලාපයේ සිටින ගහණය තද දීප්තිමත් කොළ පැහැයක් ගනී. ප්‍රධාන වශයෙන් රුක්වාසී ගොදුරු මත යැපෙන සර්පයෙක් හෙයින් තම ගොදුරු වලට නොපෙනී සිටීමටත්, විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමටත් තම ශරීර වර්ණය පළා පොළගාට මහත් උදව්වක් වේ.

ප්‍රෂ්ඨිමත් සිලින්ඩරාකාර දේහය කීලකයක් සහිත කොරල වලින් වැසී ඇත. ගෙලින් පැහැදිලිව වෙන්වූ ත්‍රිකෝණාකාර හිසක් දැකගත හැක. වළ-පොළගුන් අයත්වන Crotalinae උප කුලයට අයත් සර්පයෙක් නිසා හිසේ Loreal ප්‍රදේශයේ (ඇසත් නාස් පුඩුත් අතර ප්‍රදේශය) තාප සංවේදී ජිද්‍ර පිහිටා ඇත. හිසේ පාර්ශවිකව ඇසට පිටුපසින් හෝ ඇස හරහා පිහිටා ඇති කළු රේඛාව මෙම සර්ප විශේෂය හඳුනාගැනීමට භාවිතා කල හැක. මෙම රේඛාවෙන් යටි කොටස බොහෝ විට කහ හෝ නිල් මිශ්‍ර ලා කොළ පැහැයක් ගනී. ශරීර වර්ණය තනි කොළ මෙන්ම කහ මිශ්‍ර කොළ පැහැයේ සිට නිල් මිශ්‍ර කොළ පැහැය අතර වර්ණ පරාසයකින් හමුවේ. ශරීරයේ මතුපිට කළු පති අක්‍රමවත් පුල්ලි රටාවක් දැකගත හැක. තෙත් කලාපයේ සිටින සතුන්ගේ මෙම පුල්ලි වියළි කලාපයේ සිටින සතුන්ට වඩා විසිරී ශරීරය පුරා දැකගත හැක.පැටවුන්ගේ මෙම පුල්ලි අලුවා කැටයක ආකාරයෙන් ශරීරයේ ද්වීපාර්ශවිකව පිහිටා ඇති අතර නැට්ට ප්‍රදේශයේ ඇති පුල්ලි වඩා කහ පැහැයක් ගනී. උදරීයව ලා කහ හෝ කහ මිශ්‍ර කොළ පැහැයක් ගනී. තම රුක්වාසී ජීවන රටාවට උපකාරී වන කෙටි පරිග්‍රාහක නැට්ටක්ද පලා පොළගා සතු වේ. (පහත චායාරූපය බලන්න)



ප්‍රදාන වශයෙන් නිසාචර සර්පයෙක් වන පළා පොළගා දහවල් කාලයේ අතු පතර අලසව සිටින ආකාරය දැක ගත හැක. ගලා යන ජල මූලාශ්‍ර අවට පිහිටි ශාක මත ගැවසීමට වඩා ප්‍රියතාවක් දක්වයි. කෝපි, කොකෝවා හා එනසාල් වගා බිම් වැනි ස්ථාන වලින් සුලභව හමුවේ. තම ප්‍රදාන ආහාරය ලෙස කුරුල්ලන් , කටුස්සන් හා ගෙම්බන් වැනි උභයජීවීන් මත යැපේ. මීයන් වැනි කුඩා ක්ෂීරපායින්ද අහාරයට ගන්නා බව වාර්තා වී ඇත. රාත්‍රී කාලයේදී ගොදුරු සෙවීමට භෞමිකව සංචරයන කරන ආකාරය දැකගත හැක. තර්ජනයක් දැනුන විට තම නැට්ට පොළව හා කම්පනය කර ශබ්දයක් පිට කරයි. කලාතුරකින් අනතුරු ඇඟවීම සඳහා පිඹින අවස්ථාද ඇත. තව දුරටත් තර්ජනයක් සේ දැනුනොත් ශරීරයේ ඉදිරිපස දුන්නක් සේ සකසා පහර දීම සිදුකරයි. අන්ඩජලාබුජතාව මගින් ප්‍රජනනය සිදුකරන පළා පොළගුන් වරකට පැටවුන්  5-25ත් අතර සංඛ්‍යාවක් බිහිකරයි. උපතේදී පැටවුන් දිගින් 20-25cm  පමණ වන අතර වැඩුන සතෙක් 120cm පමන වේ. 

මද විෂ සර්පයෙක් වන පළා පොළගාගෙන් දෂ්ටන වාර්තා වී තිබුනද කිසිදු මරණයක් වාර්තා වී නොමැත. නමුත් දෂ්ටනයකදී රෝහල් ගත කිරීම අත්‍යාවශ්‍ය වන්නේ විශෙහි බලපෑම හේතු කොටගෙන වකුගඩු අකර්මන්‍ය වීම් හා වසා පද්ධතිය ආශ්‍රිත සංකුලතා වලට ලක්වීමට ඇති සම්භාවිතාව නිසයි. දෂ්ටනයකදී ස්ථානීය රෝග ලක්ෂණ ලෙස දෂ්ට මුඛය අවට ඉදිමීමත් දියපට්ටා දැමීමත් සඳහන් කල හැක. දැඩි ලෙස සිදුවන වන විනාශය, රාත්‍රියේ සිදුවන මාර්ග අනතුරු හා  බිය හේතුවෙන් සිදුකරන ජීවිත හානි මොවුන්ට ඇති තර්ජන ලෙස දැක්විය හැක. මීට අමතරව පළා පොළගාගේ අලංකාර වූ  දීප්තිමත් වර්ණ රටාවන් හේතුවෙන්ම අන්තර්ජාතික උරග වෙළදපලේ විශේෂ ස්ථානයක් ලබා ගැනීමට මෙම සත්වයා සමත්ව ඇත. බොහෝ යුරෝපා හා බටහිර රටවල් වල සුරතල් සතුන් ලෙස මොවුන් ඇතිකරයි. මේ හේතුව නිසාම නීති විරෝදධී ලෙස මෙම සතුන් අල්ලා විකිණීමට ඇතැම් පිරිස් කටයුතු කරයි. මෙම හේතුව නිසාම මොවුන්ගේ ගහනයට අහිතකර බලපෑමක් සිදුවන අතර මෙරට ජෛව විවිධත්වයටද හානි කරයි. කෙසේ නමුත් මිනිසාගෙන් ඈත්ව වනාන්තර ආශ්‍රිතව වැඩි ගහනයක් තවමත් සිටින හෙයින් IUCN රතු දත්ත වාර්තාවේ මෙම සර්ප විශේෂය Least Concern (LC) කාණ්ඩය යටතේ වර්ගීකරනය කරනු ලබයි.

පළා පොළගා සම්බන්ද විශේෂ කරුණු 

1) ශ්‍රී ලංකාවේ එකම රුක්වාසී පොළොන් විශේෂය වීම

පළා පොළගාගෙන් හා අනෙක් සර්ප දෂ්ටන වලින් වැළකී සිටීමට අනුගමනය කල යුතු ක්‍රියා මාර්ග දැනගැනීම සඳහා සර්ප දෂ්ටන කළමනාකරණය ලිපිය කියවන්න.

සටහන - සංජය කණිෂ්ක



Comments