- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
අප අවට පරිසරයේ වෙසෙන සර්පයන් අතුරින් රූපවිද්‍යාත්මකව සමාන සර්පයන් බොහොමයක් සිටියද ඔවුන්ගේ විෂ තත්වයන් විශාල පරාසයකින් වෙනස් වේ. මේ අතුරින් ඇතැම් සර්ප විශේෂ වෛද්‍ය විද්‍යාත්මකව වැදගත් වේ. මෙවැනි සර්පයෙකුගෙන් සිදුවන විෂ ශරීරගතවීමක් නිසි පරිදි කළමනාකරණය නොකළහොත් ජීවිත හානි පවා සිදුවිය හැක. ශ්‍රී ලංකාවේ පිඹුරු විශේෂ දෙකක් වෙසෙන අතර ඔවුන් නිර්විෂ සර්පයන් ලෙස සලකයි. සැබෑ පිඹුරු විශේෂය (Python molurus-Linnaeus, 1758) හා වැලි පිඹුරා (Eryx conicus-Schneider, 1801) රූපවිද්‍යාත්මකව වඩා සමානකමක් පෙන්වන්නේ උග්‍ර විෂ තිත් පොළඟාටයි (Daboia russelii-Shaw & Nodder, 1797). ඇතැම් පිරිස් නිසි දැනුමකින් තොරව සර්පයන් හඳුනාගැනීම් සිදුකර පිඹුරෙකු යැයි සිතා තිත් පොළගුන් නිදහස් අතින් හසුරවා දෂ්ටනයන්ට ලක්ව ඇති වාර්තා බොහෝමය. මෙම වැරදි හඳුනාගැනීමට ප්‍රධාන හේතුව වන්නේ පිඹුරන් හා තිත් පොළගා ශරීර ස්වභාවයෙන් මෙන්ම වර්ණයෙන් හා ශරීරයේ දක්නට ඇති වෛරම් රටා වලින්ද තරමක් සමානකමක් දක්වන බැවින්ය. නමුත් ඉතා අවබෝධයෙන් නිරීක්ෂණය කිරීම තුලින් මෙම විශේෂ වෙන් කර හඳුනාගැනීම ඉතා පහසු කාර්‍යයකි.
හිස මගින්
හිසේ හැඩය නිරීක්ෂණයේදී සැලකිය යුතු කරුණක් වන්නේ එම මොහොතේදී සතා දක්වන ප්‍රතික්‍රියා හේතුවෙන් හිසෙහි හැඩය වෙනස් වීමට ඇති හැකියාවයි. ඇතැම් සර්පයන් තමාට තර්ජනයක් දැනුන විගස හිස පැතලි කිරීම් හෝ පිම්බීමක් සිදුකරයි. මෙහි දැක්වෙන කරුණු සාමාන්‍ය හැසිරීමක් දක්වන නිදහසේ සිටින සතුන්ට වලංගු වේ.
A1 රූපය - පිඹුරාගේ හිස , බොහෝ පිඹුරන්ගේ හිස පෘෂ්ඨීයව ලා රෝස පැහැයක් ගනී. හිසේ අපර කොටස පළල් වන අතර පෙරට වන්නට සිහින් වේ. ඉහලින් බැලූ විට පෙයාස් ගෙඩියක හැඩයක් ගනී. පෘෂ්ඨීයව හිසේ හොඹුව දෙසට වන්නට උල් වන දුඹුරු පැහැ සලකුණක් පිහිටයි. සතාගේ වයසත් සමග මෙම සලකුණෙහි පැහැදිලිතාව වෙනස් වේ. තරමක් ගෙලින් වෙන්වී ඇත.
A2 රූපය - තිත් පොළඟාගේ හිස, පෘෂ්ඨීයව, තුඩ හොඹුව දෙසට යොමුවූ "V " අකුරේ හැඩයෙන් යුත් සුදු හෝ ලා පැහැති සලකුණක් පිහිටයි. මීට අමතරව හිසෙහි අපර කොටසෙහි පෙර සඳහන් කළ V හැඩයේ සැලකුණේ ස්පර්ශ වන ලෙස දෙපසින්
ත්‍රිකෝණාකාර හෝ අර්ධ කවාකාර තරමක් විශාල පුල්ලි දෙකක් පිහිටයි. පැහැදිළිව ගෙලින් වෙන්වී ඇත.
A3 රූපය - වැලි පිඹුරාගේ හිස, හොඹුව දෙසට වන්නට සිහින් වීම සාපේක්ෂව අවමය. හිසෙහි විශේෂ සලකුණු දරන්නේ නැත. පැහැදිළි ගෙලක් නොමැත.
දේහය මගින්
B1 රූපය - තිත් පොළඟාගේ මධ්‍ය දේහය පෘෂ්ඨීයව, දිගු අතට පිහිටා ඇති දුඹුරු පැහැති පුල්ලි පෙළ මෙම සර්පයා හඳුනාගත හැකි ප්‍රධාන සාධකයකි. ඇතැම් සතුන්ගේ මෙම පුල්ලි එකිනෙක යාවී (B2 රූපයේ පරිදි) දම්වැලක හැඩයෙන් පිහිටන අතර පැහැදිලිව වෙන්ව ඇති සතුන්ද ඇත. මෙම පුල්ලි ශරීරයේ ද්වීපාර්ශවිකවද පිහිටා ඇතත් ප්‍රමාණයෙන් සාපේක්ෂව කුඩා වේ.
B3 රූපය - වැලි පිඹුරාගේ මධ්‍ය දේහය පෘෂ්ඨීයව, අක්‍රමවත්ව විසිරුණු හෝ එකට යාවුන තද දුඹුරු අල්ලි/වෛරම් රටාවක් දක්නට ඇත.
B4 රූපය - පිඹුරාගේ මධ්‍ය දේහය පෘෂ්ඨීයව, අක්‍රමවත්, ප්‍රමාණයෙන් විශාල දුඹුරු පැහැති පුල්ලි ප්‍රෂ්ඨීයවත් ,ප්‍රමාණයෙන් කුඩා දුඹුරු පුල්ලි /වෛරම් පාර්ශවිකවත් පිහිටා ඇත. ඇතැම් සතුන්ගේ මෙමෙ පුල්ලි එකට යාවීද ඇත.
සටහන : සංජය කණිෂ්ක
චායාරූප : සනෝජ් විජේසේකර

Comments
Elaz!
ReplyDelete